(දයාරත්න ඇඹෝගම)
 

අගමැති  මහින්ද රාජපක්ෂ මහතා අද (13)අනුරාධපුර ඓතිහාසික සිද්ධස්ථාන වැදපුදා ගනිමින් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය.
 
ඓතිහාසික රුවන්වැලි මහා සෑ රඳුන් වැදපුදා ගැනිමට පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රථමයෙන් රුවන්වැලි චෛත්‍යරාමාධිපති  පල්ලේගම හේමරතන නාහිමි බැහැදැකිමෙන් අනතුරුව රුවන්වැලි මහා සෑ රඳුන් වැදපුදා ගනිමින් ආගමික වතාවත්වල නිරතවිය.
 
අනතුරුව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි බැහැදැකිමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.
 
පසුව මිරිසවැටිය මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මිරිසවැටිය චෛත්‍යරාමාධිපති  ඊතළවැටුණ වැවේ ඥානතිලක නාහිමි බැහැදකිමින් ආශිර්වාද ලබා ගත්තේය.
 
අනුරාධපුර ශ්‍රි සම්බුද්ධ ජනයන්ති මහා විහාරස්ථානයට ද පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි විහාරාධිපති උතුරු හා උතුරුමධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක  නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගනු ගත්තේය.
 
එහිදි සිද්ධස්තාන වෙත රැස්ව සිටි ජනතාව සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුහද කතාබහක නිරතවු අතර ජනතාව සමඟ ජායාරූප ගැනිමටද එක්විය.
 
මේ සඳහා අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා අමාත්‍යවරුන්වන එස්.එම් චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ.එච් නන්දසේන, කේ.පි.එස් කුමාරසිරි, උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම් රංජිත් සමරකෝන් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයින් හා විශාල පිරිසක් එක්ව සිටියහ.