(වසන්ත චන්ද්‍රපාල)
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු එහි පාලනධිකාරියට විරුද්ධව රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාලයේ දොරටුව අභියස පන්දම් අතැතිව විරෝධතා ව්‍යපාරයක් පැවැත්වූහ.
අසාධාරණ ලෙස පනවා ඇති පන්ති තහනම ඉවත් කිරීම, පරිපාලන ගොඩනැගිල්ල සිසුන්ට විවෘත කිරීම, නේවාසිකාගාරවල සහ ආපන ශාලාවේ ගැටළු නිරාකරණය කිරීම සහ විශ්වවිද්‍යාල භූමියෙන් පොලිසිය ඉවත් කිරීම යන කරුණු මුල් කරගෙන මෙම විරෝධතාවය පවත්වනු ලැබීය.
විශ්වවිද්‍යාලය තුළ සිට විරෝධතා පා ගමනින් පැමිණි සිසුවෝ විශ්වවිද්‍යාලයට ඇතුලුවන ගේට්ටුව අභියසදී මෙම විරෝධතාවය පැවැත්වූහ. මෙම විරෝධතාවයට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සහ කළමණාකරණ පීඨයේ සිසුහු 600 ක් පමණ සහභාගි වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අග්නිදිග සරසවි සිසුන් පන්දම් අතැතිව විරෝධතාවයක