IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අගුණකොළපැලැස්ස බන්ධනාගාර විරෝධතාව මෙහෙයවූ රැඳවියෝ 8 වෙනත් බන්ධනාගාරවලට මාරු කරති

(චන්ද්‍රසේන ගමගේ)

අගුණකොළපැලැස්ස  බන්ධනාගාරයෙන්  පොලිස් විශේෂ කාර්ය බලකා  නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා සිරකරුවන් ඇරැඹු  විරෝධතාව මෙහෙයවූ සිරකරුවන් 08 දෙනෙකු අද (24) අගුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් ඉවත්කර වෙනත් බන්ධනාගර වෙත මාරුකර යවා ඇත.

මෙම විරෝධතාවයෙන් අනතුරුව කළ  පරීක්ෂණයකදී එම සිරකරුවන් 08 දෙනා  තමන් කළ වරද පිළිගෙන  තමන්ව වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කරන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පාලන අධිකාරිය විසින්  ඔවුන් 8 දෙනා වෙනත් බන්ධනාගාර වෙත මාරු කර තිබේ .

මාරු කරනලද සිරකරුවන් අතර ජුලම්පිටියේ අමරේ, අබේනායක, තංගල්ලේ මහේෂ්  ඇතුළු පිරිසක් සිටින අතර මොවුන් කළුතර, කුරුවිට, ගාල්ල, මාතර, මොනරාගල යන බන්ධනාගාර වෙත මාරු කර තිබේ .

එමෙන්ම මෙසේ මාරු කරන ලද සියලු සැකකරුවන් හෙරොයින් හා මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන්ව සිටින අය බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ඉවත් කරන ලෙස සිරකරුවන් කරන ලද ඉල්ලීමට බන්ධනාගාර අධිකාරීවරයා එකඟ නොවීම නිසා බන්ධනාගාර අධිකාරීවරයා ඉවත් කරන ලෙසට විරෝධතාවයේදී පැවසූ බව  විරෝධතාවය පිළිබඳව සිදු කරනු ලැබූ පරීක්ෂණයේදී අනාවරණය වූ බව වාර්තා වෙයි.

හිටපු බන්ධනාගාර අධිකාරී ඩබ්ලිව්. පී. ධම්මික මහතා නැවත අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයා වශයෙන් පත්කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 



අදහස් (2)

අගුණකොළපැලැස්ස බන්ධනාගාර විරෝධතාව මෙහෙයවූ රැඳවියෝ 8 වෙනත් බන්ධනාගාරවලට මාරු කරති

රවින් Thursday, 25 October 2018 02:09 AM

හා හා දැන් ඉතින් හිතේ හැටියට තම තමන්ගේ වැඩ කටයුතු කරගෙන යා හැකිය. අනේ මෙහෙමත් කැකිල්ලේ තීන්දු. තමන් කොයි හිර ගෙදරද ජාවාරම කරගෙන යන්නේ කියලා තීන්දු කරන්නේ හිරකාරයෝමයි .

:       0       25

Samwil Thursday, 25 October 2018 06:37 AM

ඔව් ඉතින් එයාලට නඩුකාර මහත්තුරු නෑ.............

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site