ශ්රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලට අත්වූයේ ලකුණු 78 ක ඛේදජනක පරාජයකි. තරගය පරාජය වීමට යන බව දුටු ඇතැම් ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා ඉනිමේ 40 වැනි ඕවරය ආරම්භ වීමටත් පෙර ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගියද තවත් පිරිසක් අවසන් පන්දුව දක්වාම ක්‍රීඩාංගණයේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සටන ගෙන ගිය පිතිකරුවන්ට අත්පොළසන් දුන්හ.
තරගයේ අවසන් පන්දුව යවන තුරුත් ක්‍රීඩාංගණයේ සිටි අය අතුරින් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් තමන් සිටි පෙදෙසේ කැළි කසල සියල්ල එක තැනකට එකතු කරමින් නරඹන්නන්ගේ පෙදෙස පිරිසිදු කළහ. පළමුව පිටියේ එක් අන්තයක (බස්නාහිර කොටසේ) එය ආරම්භ වූ අතර පසුව නැගෙණහිර කොටසේ සිටි සාමාන්‍ය නරඹන්නෝද තමන් අවට තිබූ කැලි කසළ, හිස් වතුර බෝතල සහ ප්ලාස්ටික් රඳවනයන් එකතු කර එක තැනකට ගෙනැවිත් දැම්මේ ක්‍රීඩාංගණය පිරිසිදු කරන්නන්ගේ කාර්යය ඉතාමත් පහසු කරමිනි.
පසුගියදා රුසියාවේදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරගයක් පරාජය වූ ජපාන පාපන්දු කණ්ඩායමද ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යාමට පෙර තමන්ගේ ක්‍රීඩාගාරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කළ හෙයින් රුසියානුවන්ගේ මහත් ආදර ගෞරවයට පාත්‍ර විය.
ඡායාරූප - ඉෂාර එස්. කොඩිකාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. මේ දරුවන්ට ඉතිරි තරඟ සියල්ලම නොමිලයේ නැරඹීමට අවස්තාව ලබාදිය යුතුයි.
කොහෙන් ඉගෙන ගත්තත් හොඳ දේවල් ඇඟට ගන්න එක හොඳයි ළමයි
ඉතා අගෙයි.!
ඉතාමත් ආදර්ශවත් ක්‍රියාවක්. මේ සත් ක්‍රියාවට දායකවුන මහත්වරුනේ මහත්මියනේ ඔබ දුන් මේ ආදර්ශය සදාකාලිකයි. ඒ වගේම අපට, ඒ කියන්නේ ශ්‍රී ලංකික ජනතාවට ඔබ සැම ගැනම ආඩම්බරයි. මේ අපේ මිනිස්සු කියලා ලෝකයේ ඕනෑම කෙනෙකුට මහත්වූ ආඩම්බරයකින් පෙන්වන්න පුළුවනි. නැවත වරක් ස්තුතියි හදවතින්ම.
ඉතාමත් අගය කළ යුතු වැඩක්. මේ ආදර්ශය ඉදිරියටත් පවත්වාගෙන ගියොත් මේ රට ටිකක් හරි සුන්දර වේවි..
කොහොමත් අපි අනුන් කරන දේ කොපි කරන්න දක්ෂ ජාතියක්. ඒත් අපිට කවදාවත් බැහැ ජපන්නු වගේ වෙන්න?
හිස් බෝතල් වලට වඩා කුණු වෙච්ච පුස් ඔළුගෙඩි තුලින් සමාජයට විශාල හානියක් සිදුවෙනවා. හිස් ප්ලාස්ටික් බෝතල් වලින් සිදුවෙන පරිසර දුෂණයට කෙටි කාලීන විසඳුම් තිබුනත්, කුණුවෙලා තියන ඔළුගෙඩි වලින් කරන සමාජ දුෂණයට දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍යයි.
හොද දේවල් අනුකරණය කලාට කම් නැත. ඔබලාට ගොඩක් පින් දරුවනි. ඔබලාගේ දෙමව්‍පියන්ටත් පින් ......
හොඳ වැඩක් ජය වේවා
ඔය වගේ විශ්ව විද්‍යාල නේවාසිකාගාරත් පිරිසිදුව තබා ගන්නවා නම් කොතරම් හොඳද? මේක රැග් එකක් එහෙම නෙමේ නේද?
අපි අපෙන්ම පටන් ගනිමු. අනුන් කරනකන් බලන් නොසිට අපි අපිම ආදර්ශයක් වෙමු
ඉතාම අගය කලයුතු වැඩක්
හදවත හොඳ දරුවන් පිරිසක්. පරිසරය යනු අපේ ජීවිතයයි. පරිසරය නැසුනොත් ජීවයට පැවතිය නොහැක. නමුත් බොහෝ පිරිසක් වන්දනාවේ යන විට ගස් හෙවණේ සිට විවේක ගෙන පොලිතීන් එම හෙවන යට අතහැර යයි. එවන් බහුතරක් අතර මේ දරුවන් අගය කල යුතුයි. දීර්ගායුෂ ලැබේවා. දිවිමග සරු වේවා.
කට්ටියම කැම්පස් එකේ ටි ෂර්ට් ඇඳලා ඇවිල්ලා පොඩි මීඩියා සංදර්ශනයක් දාල වගේ, ඕකම පහුවදාට ක්‍රීඩාංගනය සුද්දකරන අය කරනවා.
රොෂාන් මහත්මයා, ජපනුන්ගෙන් නොවේ. සෝමාලියාවෙන් හරි කමක් නැහැ හරි දේ ගන්න පුරුදු වෙමු නේද? ඔය හොයා බලන්න ජපන් පෙලපොතේ අපේ ක්‍රීඩකයෙක් ගැන පාඩමක් තියනවා.
මේක හොඳ ආරම්භයක් ඇත්තටම. ඉස්සරට වඩා දැන් මිනිස්සු පාරේ කුණු දානවා අඩුයි. කාලෙකට පස්සේ ලංකාවට යන කෙනෙකුට ඒ වෙනස හොඳට තේරෙනවා. ඉස්සරට වඩා කුරුණෑගල ටවුමේ පාරවල් අයිනේ කුණු දාලා තියනවා. ගොඩක් දුරට අඩුයි දැන්. එ්කට සමාජ මාධ්‍ය ගොඩක් රුකුලක් වුණා කියලා තමයි මට හිතෙන්නේ. මෙවන් දේවල් තමයි අපි විශ්‍ව විද්‍යාල ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබලාට ගොඩක් ස්තුතියි.. මෙය අරම්භ කළාට මෙයින් පසු මිනිසුන් පුරුදුවෙයි. ක්‍රීඩා තරගයක් උස්සවයක් වගේ ඉවර වුණාම අවට පිරිසිදු කරලා යන්න.
රොෂාන් .. අපිට ජපන්නු වගේ වෙන්න බෑ, ඒ වගේම වෙන්න ඕනෙත් නෑ. තමන්ගේකම තියාගෙන අනුන්ගෙන් හරි කමක් නෑ, හොඳ දේවල් ජිවිතේට, සමාජෙට එක කරන්න පසුබට වෙන්න ඕනේ නෑ. තමුන් ගැන අපිට ලැජ්ජයි. මීට පස්සෙවත් තමුන්ගේ දෙමව්පියන්ටත් නින්දා දෙන මේ වගේ කමෙන්ට් නොදානවා නම් හොඳයි.
ඉතා අගය කල යුතු දෙයක්. අනෙක් ශ්‍රී ලාංකිකයන්ටත් ආදර්ශයක්!
හොද වැඩක්, ජය වේවා
සුබ අනාගතයක් වේවා. ඉතා හොඳ ආදර්ශයක්.
පිටියේ හැම තැනකම කුණු බාල්දි තිබ්බනම්, හැමෝම ඒකට කුණු විසි කරන්න පුරුදු උනානම්, හැදියාව සහ හික්මීම කියන ගුණාංග තියෙනවානම්, මේ වගේ ශ්‍රමදාන ඕනෙ නෑ. මෙතනදි ලැජ්ජ වෙන්න ඕනෙ නගර සභාවේ අය සහ පිටිය බාරව ඉන්න එවුන්. කුණු බාල්දියක් තියන්න දන්නෙ නැති මහලොකු පාලකයෝ. මුන් කොහොමද පාරේ කුණු පාලනය කරන්නෙ
කමල් සිල්වා මහත්මයෝ, අපේ ඉතිහාසය තුල නොපසුබස්නා වීර්යයේ පාඩම ළොවටම කියා දුන් කරුණාරත්නලා ඉතිහාස ගත උනේ, මහපාරේ නරි සංදර්ශන කරලා, පොලිසියෙන් නවාගෙන මෝඩ චුන් අරගෙන නෙවෙයි. ඉතිහාසය තලු මරලා අනාගතය හදා ගන්නවා වෙනුවට, වර්තාමන ක්‍රියාකාරකම් තුලින් අනාගතය ගොඩනගා ගැනීමටයි ක්‍රියා කල යුත්තේ. මේ පවතින වාතාවරණය අනුව නම්, සෝමාලියාවෙන් හෝ සුඩානයෙන් වත් පාඩම් ඉගෙන ගෙන, රටට හා සමාජයට බරක් නොවී සිටිනවා නම් එකත් ලොකු දෙයක්.
"...එය ආරම්භ වූ අතර පසුව නැගෙණහිර කොටසේ සිටි සාමාන්‍ය නරඹන්නෝද තමන් අවට තිබූ කැලි කසළ, හිස් වතුර බෝතල සහ ප්ලාස්ටික් රඳවනයන් එකතු කර එක තැනකට ගෙනැවිත් දැම්මේ..." මෙන්න මේවා තමා සමාජ ව්‍යාපාර කියන්නේ. නියම දේශපාලන ව්‍යාපාර කියන්නේ. නියමයි.
මේක හොද දෙයක්. එත් ඉතින් ජපන්නු මේ වගේ දෙයක් කරනකන්ම ඉන්න ඕනද අපේ අයට කරන්න. කොහොම වුනත් හොදයි.
කියන්න වචන නැහැ. ඒ තරමටම සන්තෝසයි... මේවා කරන්න අපිට එකතු වෙන එක විතරයි ඕනේ. පර දේශපාලකයෝ කොහෙත්ම අවශ්‍ය නැහැ.
හොඳ වැඩකට හොඳයි කියන්න පැකිලෙන කුහකයෝ කීදෙනෙක් මේ ලිස්ට් එකේම ඉන්නවද
ක්‍රිකට් තරඟ බලලා ඉස්සරනම් සතුටුවෙන්න තිබුණා. දැන් ඒකත් නෑ. මේ වගේ දේකින්වත් සතුටට පත්වීමට හැකිවීම සතුටක්. දරුවනේ ඔබ දුන් ආදර්ශය ඉතා උතුම්. අනුකරණය කිරීම ගැටළුවක් නෑ. හොඳ දේවල් නිසා.
මගේ අදහසනම්………………….මාධ්‍යට පෙනෙන්න කුණු අදිනවට වඩා….කුණු නියමතැන දාන විදිහට අප සමාජය වෙනස්විය යුතුය.බොහෝ මෙවන් ක්‍රියාවල චේතනාව පුහු ප්‍රසිද්ධියයි තිත්ත ඇත්තනම්………තරගයෙන් පසු ක්‍රීඩාපිට්ටනිය කොහමත් නගරසභාවෙන් පිරිසිදු කරනවා………….
ඉතා හොද වැඩක් . ආදර්ශමත් වැඩක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.