IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


’ශාක්‍ය රාජධානිය’ ඉදිකරන්න කොරියානු සමාගමක් සමග අවබෝධතා ගිවිසුමක්

(අකිල බද්දෙවිතාන)

පිළියන්දල' කහපොළ ප්‍රදේශයේ ප්‍රතිනිර්මාණය කෙරෙන 'ශාක්‍ය රාජධානිය' පිළිබඳව කොරියානු Ilchon Chon සංවිධානයේ සභාපති කිම් සියොන්ග් ක්‍යු (Kim Seong Kyu) හිමියන් හා කොරියානු ආයෝජකයන් පිරිසක් සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම බුද්ධශාසන අමාත්‍යංශයේ දී අද(23) පෙරවරුවේ සිදුවිය.

බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට කොරියානු Ilchon Chon Corporation ආයතනයේ සභාපති හිමියන් සහ එම සංවිධානයේ සාමාන්‍යාධිකාරී චා සුන්ග්, බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ, ලයිට් ඔෆ් ඒෂියා පදනමේ සභාපති නවින් ගුණරත්න මහතා, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සමන් වීරමන්, ශාක්‍ය ජනපද ව්‍යාපෘතියේ කළමනාකරු සරත් හේමචන්ද්‍ර, මිලින්ද පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (20)

’ශාක්‍ය රාජධානිය’ ඉදිකරන්න කොරියානු සමාගමක් සමග අවබෝධතා ගිවිසුමක්

Perakum Tuesday, 23 May 2017 07:49 AM

සිද්ධාර්ථ බෝසතාණෝ නිවන සොයාගෙන අතහැර ගිය මේ සියලු සම්පත් නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ කුමටද? බුදු බව ලැබූ තැන ඊට වඩා හොඳ නැද්ද?

:       21       2

saman Tuesday, 23 May 2017 08:06 AM

ඔය වගේ වැඩක් කරන්න පුළුවන් ලංකාවේ මිනිස්සු නැද්ද? හැම වැඩකටම පිටරටවලට සල්ලි පුජා කරන්නේ. අඩුම තරමින් ලංකාවේ කෙනෙකුට කරන්න පුලුවන්ද කියල හොයල බැලුවද?

:       7       1

krishanth Tuesday, 23 May 2017 08:12 AM

කමක් නැහැ .මොකක් හරි පෙන්නලා කීයක් හරි කඩා ගමු .

:       15       2

සඳපල් කෝදගොඩ Tuesday, 23 May 2017 08:26 AM

ශ්‍රේෂ්ට භාරදූර කටයුත්තක් දේශීය මෙන්ම භාරත කලාවේ සම්මිශ්‍රණයක් නම් කාලෝචිතයි. සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

:       4       21

sam Tuesday, 23 May 2017 08:43 AM

සිදුහත් කුමරා ශාක්‍ය රාජධානියේ සැප සම්පත් වලින් බුද්ධත්වයවත් නිර්වාණය වත් සාක්ෂාත් කරගන්න බැරිව ඒවා අතහැරලා සත්‍යය අවබෝධ කරගත්තා වුනාට අපේ අය තව පාරක් මුල ඉඳලාම පටන් ගන්න යනවා වගේ .

:       20       2

susantha Tuesday, 23 May 2017 08:53 AM

මොන පිස්සු වියදම්ද මේවා? ඉන්දියාවේ පරණ නගරෙක ආකෘතියක් ලංකාවේ හදන්නේ මොකටද රටේ මිනිස්සුන්ගේ වියදමෙන්? ඔය සල්ලි වලින් විනාස වෙන්න ඇරලා තියන, වෙනත් අයට කොල්ලකගන්න ඉඩ දීල තියන පුරාණ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරලා අපේ අනන්‍ය උරුමය ඉස්සරහට ගෙනියන්න විදියක් හදන්න. අපේම අවුරුදු දහස් ගණන් පරණ පුරාවස්තු කොල්ලකෑම නවත්වන්න, ඒවායේ වෙනත් ආගම්වල බෝර්ඩ් ගහගැනිම නවත්වන්න එක නිලදාරියෙක්, ඇමතියෙක් නෑ මේවගේ නාටක වලට කෝටි ගණන් වියදම් හැබැයි.

:       16       4

RD Tuesday, 23 May 2017 09:06 AM

අයියෝ සල්ලි . බොරු වැඩ

:       9       3

savanth Tuesday, 23 May 2017 09:37 AM

දැන් මේකෙන් දියුණු වෙන්නේ කවුද?

:       2       6

Moda Janathawa Tuesday, 23 May 2017 09:51 AM

මෙච්චර ලංකාවේ මිනිස්සු ඉන්නවා. ඉදිකිරීම් කොම්පැනි තියෙනවා. හැමදේම පිටරට කොම්පැනි වලට දුන්නම කොහෙද ලංකාවේ සල්ලි ඉතුරු වෙන්නේ. සල්ලි නැත්නම් මේවට ණය ගන්නේ නැතුව නිකන් ඉන්න ඕන නොකර. මේවා අත්‍යවශ්‍යම දේවල් නෙමෙයි ණය අරන් කරන්න තරම්.

:       13       1

kumar (galf) Tuesday, 23 May 2017 11:17 AM

හිසට වහලක් නැති ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ දරුවන්ට රෑට නොතෙමී නීදාගන්න රාජධානියක් හදලා හිටින්න.

:       39       16

kumar (galf) Tuesday, 23 May 2017 11:18 AM

දැන් ඔක්කොම නිවන්යාවී මේවා කරලා.

:       2       8

Thushara Tuesday, 23 May 2017 11:31 AM

ඔය කොලඔ අලුතෙන් රාජධානි ගැහුවට වැඩක් නැහැ.. උතුරු නැගෙනහිර අවුරුදු දහස් ගණන් පැරණි රාජධානි විනාශ කරනවා.. සමහරක් ඒවා විනාශ කරලා.. තියෙන දේ රැක ගන්න උත්සහ ගන්න.. එහෙම නැති වුනොත් නුපන් සිංහල පරන්පරාවට ඉතිහාසක් නැහැ...

:       1       22

සිරි Tuesday, 23 May 2017 04:11 PM

මේවා රට්ටු හිනස්සන වැඩ

:       7       2

lalith Tuesday, 23 May 2017 04:51 PM

ඔය සමාගමටම කියල අපේ ගමේ ඉස්කෝලේ වහලේ තෙමෙන එක හදාගන්න බැරිවෙයිද?

:       4       1

lal Wednesday, 24 May 2017 12:52 AM

තවත් මගඩියක්ද කොහේද...සම්තිං කාරයන්ගේ...

:       4       6

ama Wednesday, 24 May 2017 03:31 AM

අනේ අම්මප මෙච්චරයි අඩු වෙලා තිබුනේ

:       4       28

chaminda Wednesday, 24 May 2017 04:09 AM

සංචාරක කර්මාන්තයට ලොකු පිටිවහලක් වේවි , සංචාරක පැමිණීම වැඩි වේවි.

:       2       7

සිද්ධාර්ථ​ Wednesday, 24 May 2017 03:11 PM

අනාගතේ ලංකාවට මුදල් ගලාගෙන එන මේ විශේෂ ව්‍යාපෘතිය ගැන හරිහමං විස්තරයක් නොදන්න අය මෙතන මෝඩයො වගේ කමෙන්ට්ස් දාල තියෙන හැටි දැක්කම හරි අනුකම්පා හිතෙනවා. ලංකාවෙ පටු අදහස් තියෙන මෝඩ මිනිස්සු ගැන​. මේකට වියදම් කරන්නෙ සත පහක්වත් ලංකාවෙ මුදල් නෙවෙයි. සතයක්වත් ණය අරගෙන කරන වැඩකුත් නෙවෙයි. සියල්ල විදේශ දානපතියන්ගේ සහ විදේශ ආයතනවල මුදල්. මේ සංකල්පය​, සැලසුම්කරණය, කළමණාකරණය, සම්පූර්ණ තාක්‍ෂණික ඤාණය සහ ශ්‍රමය ශ්‍රී ලංකාවෙන්... ආයෝජනය සිදුකරන පාර්ශව කැමති වැසිකිලි හදන්නවත්, ඉස්කෝලවල කැඩිච්ච වහලවල් හදන්නවත් නෙවෙයි. ඒ වෙනුවෙන්ම ගොඩනැගුනු ආයතන මේ රටේත්, ජාත්‍යන්තරයේත් ඕනෑ තරම් තියෙනවනෙ. ඒ අය ඒව බලාගනීවි. ඒ ගැන බොහොම උනන්දුවෙන් කථා කරන​, කමෙන්ට් කරන අයටත් පුළුවන් හැකි පමණින් ඒවට දායක වෙන්න​... කථාවට පමණක් සීමා නොවී....!

:       0       24

සිද්ධාර්ථ​ Wednesday, 24 May 2017 03:35 PM

මේ ව්‍යාපෘතිය සඳහා විදෙස් ආයෝජන ලබා දෙන්නේ අනාගතයේ ලෝකයට බුදු දහම පතුරුවන මේ අධිතාක්‍ෂණ බෞද්ධ සන්නිවේදන මධ්‍යස්ථානය, පුස්තකාල සංකීර්ණය, බෞද්ධ අධ්‍යනය පීඨය සහ පර්යේෂණ ආයතනය ගොඩනැංවීම උදෙසායි. ශාක්‍ය රාජධානි පරිශ්‍රය තුළ තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නෙ. ඒ වගේම දසදහසකට අධික පිරිසකට එකවර භාවනා කළ හැකි සියළු පහසුකම් සහිත භාවනා උද්‍යාන සංකීර්ණයකුත් මේ පරිශ්‍රයේ ඉදිවෙනවා. මේක පුළුල්, අර්ථවත් වැඩපිළිවෙලක්.

:       0       3

සිද්ධාර්ථ​ Wednesday, 24 May 2017 03:40 PM

'ලක් දෙරණේ සදහම් සිසිලස හමා යන ‘සක්රජ දහනක​‘කතාව' යන මැයෙන් පෙර ලිපියක් පල වුණා. මේ ව්‍යාපෘතිය ගැන නොදන්න අයට ඒ ලිපියෙන් යම් අදහසක් ලබා ගන්න හැකියාව ලැබේවි.!!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 224 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 725 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site