(තිලකරත්න දිසානායක)
ජාත්‍යන්තර මව් වරුන්ගේ දිනයට සමගාමීව ගැබිණි මව්වරුන් 50 දෙනෙකු වෙනුවෙන් " මවක් බරට දාන පුජාවක් " අද (13) පෙරවරුවෙදී ගම්පහ ජාත්‍යන්තර සාම මහා විහාරස්ථානයේදී පැවැත්විණ.
රජ සමයේදී රටට සෙත් පතා ඇතුන් බරට මව්වරුන්ට දානය පිළිගැන්වීම සිහිපත් කරමින් ගම්පහ , මැදගම (3) ග්‍රාම නිලධාරී සමන් ප්‍රියන්ත මහතාගේ සංකල්පයකට අනුව පෙර සාම මහා විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පුජාව පැවැත්විණි.
සෝමසිරි නාහිමියෝ අනුශාසනාවක් කරමින් වර්ෂ 1055 දී පළමුවන විජයබාහු රජු විසින් මෙවන් දාන පුජාවක් පවත්වා ඇති බව අඹගමුව සෙල්ලිපියෙහි සදහන්ව ඇතැයි පැවසුහ.
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මෙම දානය සදහා ප්‍රදේශ කිහිපයකින් ගැබිණි මව්වරුන් තෝරා ගන්නා ලදි.
මව් වරුන්ට එක් එක් මවකගේ බරට ආහාර වර්ග , එළවලු , පළතුරු , ඹෟෂධ සහ වස්ත්‍ර පුජාව කරන ලද්දේ තරාදියේ එක් පසෙක මව හිදුවා එම බරට අනෙක් පසට එම ද්‍රව්‍ය පිරවීමෙනි. මෙහි එක් මවක් කිලෝ 77 ක් බර වුවාය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය , ජනතා නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරීහුද එක්ව සිටි අතර අවස්ථාව දැකබලා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප සැවොම අගය කළයුතු සත් ක්‍රියාවක්. මේ සඳහා අවංකවම දායක වුණු ගිහි, පැවිදි සියල්ලන්ටම තම තමන්ගේ බලාපොරොත්තු එලෙසම ඉෂ්ඨ වේවා.!!!
ඉතාම හොද වැඩක් ඉදිරියටද මේවා විය යුතුය.
පව්, කෙට්ටු අම්මලා ඒ ගොල්ලන්ට බඩු ටිකයි හම්බ වෙන්නේ. සමහර විට ඒ ගොල්ලෝ කෙට්ටු වෙලා තියෙන්නෙත් කෑම අඩු පාඩු හින්දා වෙන්න ඇති. බර අඩු අම්මලට වැඩිපුර දුන්නා නම් තමයි හොඳ... කමක් නැහැ ලද දෙයින් සතුටු වෙන්න.
මට පරණ සින්දුවක පදයක් මතක් වුණා. මිනිසා දන්දෙනවාලු දුගියෝ වැඩි වෙනවාලු..
මගේ පැතුම මේ හම්බුවන්න ඉන්න බබාලටවත් මේ දීන මානසිකත්වයෙන්පි ගැලවෙන්න හැකි රටක් බිහිවේවා කියලයි
ග්‍රාම නිලධාරී මහත්මයට මේ රටේ විධායක ජනාධිපතිවත් වෙන්න හිතුනද ...!
අවුරුද්දට එක දිනයක් නොවෙයි අවුරුද්ද පුරාම ජිවිත කාලයටම අම්මා තාත්තා බලා ගත යුතුයි.
හොද ක්‍රියාවක්. නමුත් කිරලා දානේ දෙන එක අනුමත කරන්න බැහැ.
අනේ මේවා විකාර වැඩ නොවෙයිද. මව්වරුන් තරාදිවල නංවාගෙන කරන විකාර. දෙන දෙයක් දීල හිත සතුටින් යවන්න.දරිද්‍රතාවය නිසා කෙට්ටු බර අඩු අම්ම කෙනෙක් ලැබිය යුතු ප්‍රමාණය අඩුවිය යුතුද. ඒ අම්මලත් දුප්පත් කමට නගින්න කියන ඕනෙම ඉනිමගක නගීවි. නමුත් අනික් මිනිස්සු දැනගන්න ඕනේ තමන් කරන්නේ මොනවාද කියලා. මට්ටන්ගේ සෝබන වැඩ.
මේ අම්මලා උඹලට කිරිදුන්නෙත් මැනලද පුතේ. මුන්ට හරියට හිතන්න පුලුවන්නම් මෙරටට මෙහෙම වේවිද?