


(රොමේෂ් මධුෂංඛ)
මේ දිනවල මුලතිව් දිස්ත්‍රීක්කයට පවතින අධික පෑවිල්ල හේතුවෙන් පවතින ජල හිඟයෙන් වන සතුන් මුහුණ පා ඇති ජල හිඟයට විසඳුමක් වශයෙන් රක්ෂිත කැලෑවලට ජලය සැපයීමේ වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබළුන් ආරම්භ කර තිබේ.
මූලතිව් දිස්ත්‍රික්කයේ ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුත්තියන්කට්ටුකුලම් රක්‍ෂිතය හරහා දිවෙන මුත්තියන්කට්ටුකුලම් සිට උදයාර්කට්ටුකුලම් දක්වා මාර්ගයේ විශේෂිත ස්ථානයන් හි ජල රැඳවුම් ස්ථාන සකස්කර සතුන්ට සහ කුරුල්ලන්ට පානය සඳහා ජලය සැපයීමට පියවර ගෙන ඇත.
මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අධීක්‍ෂණය යටතේ 64 වැනි සේනාංකයේ භට පිරිස් විසින් රක්ෂිතය තුළ ජල රැඳවුම් ස්ථාන හඳුනාගෙන යුද්ධ හමුදා ජල බවුසර් යොදා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මෙම ජල සැපයීම මගින් වන සතුන්ගේ ජල පිපාසය සංසිදෙන අතරම යුද හමුදා බවුසර් යොදා ගනිමින් පීඩාවට පත් ප්‍රදේශවලට වැසි සමය ආරම්භ වන තෙක්ම ජලය සැපයීමටද යුද හමුදාව පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කල යුතු කටයුත්තක්.
ඉතාමත්ම හොඳ සත් ක්‍රියාවක්.
ක්‍රියාව අගය කරනවා හදවතින්ම
සතුන්ට පමණක් නොවේ, අවසන් සටනේ උතුරෙන් ආපු ද්‍රවිධ ජනතාවට තමන්ගේ ආහාර, වතුර ඔවුන්ට පරිත්‍යාග කළා. වෛද්‍ය පහසුකම් කළා. මෙවැනි උතුම් රණවිරුවන්ටයි අද අනවශ්‍ය චෝදනා එල්ල කරන්නේ.
ඕනෑම රටක හමුදාව විපත්තියකදී කලයුතු දේවල් පිළිබඳව සදහන්වෙනවා. ආරක්ෂාවට ප්‍රමුකත්වය දුන්නත් මෙවැනි දේවල් කිරීම සඳහා තමන් සතු සම්පත් උපයෝගී කිරීම උතුම් දෙයක්.
උතුරෙන් හමුදාව ඉවත් කලාම කවුද මේවා කරන්නේ...
ඉතාමත්ම හොඳ සත් ක්‍රියාවක්.
වන සතුන්ට වතුරදෙන ඔබට ගොඩක් පිං. දැනට වසර හතළිහක පමණ කාලයක සිට වියළි කලාපයට හරියට වහින්නෑ. කැලෑ වේලිලා. අලි ඇතුළු සතුන් ගම් වදින්නේ කැලෑවල වතුර නැති නිසා. මෙයට තියෙන හොඳම විසඳුම කැලෑවලට ස්ථිරව වතුර සැපයීම. මොරගහකන්ද සහ දැදුරු ඔය ජලාශවල සිට වතුර ගෙනයන වාරි ඇලවල් කැලෑ හරහා ගෙනයාමෙන් මෙය විසඳිය හැකියි.
හොද වැඩක් තෙරුවන් සරණයි