(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළෙදසැලක් කොල්ලකෑමට පැමිණී පාතාල කල්ලියක් සමඟ වික්‍රමාන්විතව සටන් කර ගිනි අවිය ක්‍රියා විරහිත වීම නිසා කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ (33) මහතාගේ දේහය මාතර පොදු සුසාන භූමිය වෙත අද (24) සවස රැගෙන ගියේය
ඔහුට අවසන් ගෞරව දැක්වීම සදහා ප්‍රධාන මාර්ගය දෙපස ද දහස් ගණනින් ජනතාව රැස්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පැත්තකින් දෙසපාලුවන්ගේ බලපෑම් මද අනිත් පැත්තෙන් මිනීමරු දාමරිකයන්ගේ බලපෑම් මැද දුක් ගැහැට විදිමින් තම රාජකාරිය ඉටු කරන මෙම නිලදාරීන්ගේ සුබසාදනය සදහා විදිමත් වැඩපිළිවෙලක් තිබෙනවාද! මේ පොලිස් නිලදාරී මැතිතුමාට නිවන් සුව පතමි
ගිනිඅවිය ක්‍රියාත්මක නොවුනේ මොකද කියල පරීක්ෂණයක් නැද්ද?
මොනාද මේ රටට වෙන්නේ. දේසපාලුවන් නිසා නීතියත් වල් වැදිලා. පාතාලය කියන්නේ දෙසපලුවන්ගේ අත කොලුනේ. වීරයාණෙනි ඔබට නිවන් සුව.
සී සී ටී වී දර්ශන වලට අනුව පොලිසිය එම මෙහෙයුම සිදු කර ඇත්තේ ඉතාමත් ප්‍රාථමික අයුරින්. ඔවුන්ගේ ක්‍රියාකලාපයේ මොන යම් අයුරකවත් වෘත්තීය මට්ටමක් දකින්නට ලැබුනේ නෑ. ඒක ඔවුන්ගේ වරදක් නොවෙයි. වගකිවයුත්තන් මර නින්දේ පසු වෙද්දී මහමග රාජකාරී කරන පොලිස් නිලධාරීන් මංකොල්ලකරුවන්ගේ වෙඩි පහරින් මිය යාම අරුමයක් නොවෙයි. මනා පුහුණුවක් හා උසස් ආරක්ෂක උපක්‍රම මෙවැනි මෙහෙයුම් වල නිරත වන නීතිය ආරක්ෂා කරන කොයි නිලධාරියාටත් තිබිය යුතුයි. අඩුම තරමේ වෙඩි නොවදින කබායක්වත් මේ නිලධාරීන් පැලඳ සිටියානම් මෙවැනි අවාසනාවන්ත දේ සිදු නොවෙන්න තිබුණා. මෙතුමාට නිවන් සුව පතනවා... නැවත මෙවැනි රටක නොඉපදේවා...!
වීරයාණෙනි ඔබට නිවන් සුව. කුඩු ජාවාරම් කරුවන්, කප්පම් කරුවන් ,ස්ත්‍රී දුෂකයන් මිනි මරණ මැරයන් තමගේ වැඩ දේශපාලකයන් ගේ රැකවරණය යටතේ ඉතා හොදින් ඉටුකර ගෙනයන යනවා . නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසීයට බදා කරන දේශපාලකයන් ට දඩුවම් නොකරන තාක්කල් මෙවැනි පුවත් නිරන්තරයෙන් අසන්න දැකගන්න ලැබේ.
අම්මපා ලැජ්ජාවක් නැතුව කියන ලස්සන... "ගිනි අවිය ක්‍රියාවිරහිත වුණා" කියලා. රටේ ආරක්ෂක අංශවල තියෙන්නේ, යල් පැනපු, ක්‍රියාවිරහිත, ආයුධ. පාතාලේ උන් ළඟ නවීන, ස්වයංක්‍රීය ආයුධ... පව්කාර පාලකයින් හින්දා මේ අසරණ මනුස්සයා ජීවිතෙන් වන්දි ගෙව්වා. ඔබට නිවන් සුව...!!
පොලිසියට දීල තියන දෙවෙනි ලෝක යුද්ද කාලේ..... 38 පරණ රිවෝල්වර ක්‍රියාත්මක වෙන්නේ නැති ඒවාද? පාතාලයෝ පාවිච්චි කලේ ටි 56, උෂි ගිනි අවි. රටට වැඩක් නැති දේශපාලුවන්ට සහරා , වී 8 ගන්න සල්ලි තියේනම් ඇයි රට රකින පොලිසියට අවශ්‍ය ප්‍රතිපාදන නැත්තේ
මංගල ඇමැති කියන්නේ වෙන දෙයක්... මේ යමපාලනය නොවේලු. අපරාධකරුවෙක් වුණත් රැකගත යුතුයි කියනවා. මේ අපරාධය කරපු කෙනාගේ මරණය ගැන කියන්නේ එහෙමයි. බල්ලා මල්ලෙන් එළියට පැනලා...
අඩුම තරමේ වෙඩි නොවදින කබායක්වත් මේ නිලධාරීන් පැලඳ සිටියා නම් මෙවැනි අවාසනාවන්ත දේ සිදු නොවෙන්න තිබුණා. මෙතුමාට නිවන් සුව පතනවා... යහපාලනය නොමැති කලෙක නැවත මේ රටේම ඉපදේවා...!
අපරාධකරුවන් සම්බන්ධයෙන් ද නීතිය හා සාධාරණත්වය ඉෂ්ඨවිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි....
හරි නම් මේ නිලධාරියගේ පොලිසියේ ප්‍රධානියා ඉල්ලා අස්විය යුතුයි. තමන්ගේ සේවකයන් ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් වෙත කිසිම ආරක්ෂක කබායක් වත් නැතිව යැවීම නිසා, රූප රාමු වල දැක්ක බල්ලට වෙඩි තියනවා වගේ ඒ අය වෙඩි තිබ්බේ...