IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නියඟය නිසා වවුනියාවේ යල-මහ කන්න පාළු වෙයි

(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මෙවර මහකන්නයේ හා යලකන්නයේ ගොවිතැන් කටයුතු අඩාල වූ බව වවුනියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා පවසයි.

මේ වන විට දුෂ්කර ගම්මාන කිහිපයකට පානීය ජලය නොමැති වීමෙන් පානීය ජලය ලබා දීමේ වැඩපිළිවලක් ආරම්භ කර ඇතැයි ද ඒ මහතා කියයි.

‘‘මෙවර අපේක්ෂිත කෘෂිකර්මික කටයුතු වවුනියාවේ දැඩි ලෙස පහළ බැහැලා.වගාවන් විනාශ වෙලා වවුනියාවේ ගොවීන්ට පසුගිය මහ කන්නයෙයි යල කන්නයෙයි ගොවිතැන් කරගන්න බැරි වුණා. මෙවර යල කන්නෙත් 10 % කටත් අඩු ප්‍රමාණයක් තමයි ගොවිතැන් කටයුතු වුණේ.“

“ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා ජල බවුසර් මගින් පානිය ජලය ලබා දෙන්න පියවර ගන්නවා.මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වන විට රජයෙන් ලැබිලා තියෙනවා.ඉදිරියේදී ජලසම්පාදන මණ්ඩලයෙත් සහය ලබාගන්නවා“

මේ අතර වව්නියාවේ යුද හමුදා කඳවුරු කිහිපයකටද පානීය ජලය නොමැති වීමෙන් එම නිලධාරීහූ දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.

පානීය ජලය ලබාගන්නා ළිං සම්පූර්ණයෙන්ම සිඳී යාම හේතුවෙන් වව්නියාව අවරන්තුලාව ,හැලඹගස්වැව, පාවක්කුලම් , පලෙයිඋර් ,සෙට්ටිකුලම් ආදි ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිති.



අදහස් (1)

නියඟය නිසා වවුනියාවේ යල-මහ කන්න පාළු වෙයි

kumar (galf) Tuesday, 18 July 2017 09:33 AM

වියළි කලාපයේ වගා ජල ප්‍රශ්නයට ඊස්‍රායලෙයන් දැනුම හා උදව් ගන්න කාලය දැන් ඇවිල්ලා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site