අජන්ත කුමාර අගලකඩ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට අද රාත්‍රියේදී ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ මෙලනියා ට්‍රම්ට් මහත්මිය විසින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදි.
මේ සුවිසේෂිත අවස්ථාවට ජනාධිපතිවරයා සමග ජයන්ති සිරිසේන මහත්මිය ද සහභාගී වී ඇත.
භෝජන සංග්‍රහය අතර තුර ඉතා සුහද කතා බහක නිරතවූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හට නව ජනාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් එක් කළ අතර පසුගිය දින වලදී ස්වභාවික ව්‍යසන්යෙන් ඇමරිකාවට සිදුවූ හානිය පිළිබඳව කණගාටුවද ප්‍රකාශ කළේය.
මෙහිදී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සුන්දර රටක් බවත් රට තුල පැහැදිලි පරිවර්තනයක් සිදුකර ඇතිබවත්ය. තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ රටේ ඉදිරි කටයුතු සඳහා හැකි සෑම විටම සහයෝගය ලබා දෙන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාට පක්ෂ කෙසේවෙතත් කලාත්මක සුන්දර ඡායාරූපයක් .
නොදන්නා හින්දා අහන්නේ, අර කලින් ලොක්කා හොරෙන් හදපු පොටෝ එක වගේ නොවෙයිනේද මේක...?
මොන තරම් මැටි වැඩ කළත් ඇමෙරිකන් ජනාධිපතිනේ ඉතින්. මොනවා කරන්නද? පින්තූරයක් නොගෙන පුළුවන් ද ලංකාව වගේ රටක ජනාධිපතිතුමාට....
අපේ රට සංවර්ධනය කරන්න ආධාර ගත්තනම් නේද හොඳ.
හෙළ ඇඳුමයි යුරෝපීය ඇඳුමයි එකට එක්වූ සුන්දර අයිතිහාසික චායාරුපයක්.
හැමෝටම දීපු බෝජන සංග්‍රහයක් අපේ ජනාධිපතිට විතරක් නෙවෙයි.......
ලංකාවේ කොඩිය කෝ? වම පැත්තේ තියෙන්නේ එකද?
අපේ රටේ සම්ප්‍රදාය තමයි කෑම මෙසේදිවත් කිසිම රාජකාරිමය දෙයක්, අඩු ගන්නේ බිරිඳටවත්, බැණාට වත් නොකියන එක. ඔබ තුමාත් මොකුත් කිව්වේ නෑ නේද?
මොනතරම් අභිමානවත්ද? අපේ පුංචි රටේ ජනාධිපති තුමා ලෝකයේ මහබලවත් රටක ජනාධිපති වරයෙක් සමග මේවිදියට දකින්නට ලැබීම සතුටක්. ඒක එතුමාටත් අපටත් ආඩම්බරයක්.
කලසම් බෑයට වැඩ අපේ ජාතික ඇඳුම ප්‍රතාපවත් බව කොල්ලුපිටියේ නුගේගොඩ ජනතාව දැන ගත යුතුය
සමානාත්මතාවය ගරු කරන උස් පහත් කුල මල දුප්පත් පොහොසත් භේදය නොසලකන යුරෝපීයන් ට මෙය සාමාන්‍ය දසුනක් වුවත් .. වැඩවසම් ක්‍රමයේ ගිලුණු අධි මහන්තත්වයෙන් පෙලෙන රදල අපි ඉහල කුලවල අහවලාගේ අහවලාගේ පරම්පරාවෙන් එන්නේ කියමින් වැජඹෙන අපේ හෙලයින්ට නම් ඇසෙ කටු අනින්නා සේය..
හිටන් ද දන්නේ නැහැ ?
පහල සේවකයෙක් ආයතනික ප්‍රදනියා සමග චායා රුපයක් ගත්විට ඔහුට දැනෙන සතුට වගේ තමයි ලෝක බලවතා සමග පුංචි රටක ජනාදිපති වරයකු චායා රුපයක් ගත්විට දැනෙන සතුට . අපත් සතුටු වනවා එම චයරුපයේ සිංහල කම රැදිලා තියන නිශා . හරි ලස්සනයි.
කෝ අපේ ජාතික කොඩිය?