(ළහිරු හර්ෂණ)
දිවයින පුරා පිහිටි රෝහල් මධ්‍යම රජයේ හා පලාත් රෝහල් පද්ධතිය වෙනුවෙන් රුපියල් මිලියන 1082 වටිනා ගිලන් රථ 118ක් බෙදාදීම කොළඹ මහනගර සභා භූමියේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන හා ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත මෙම ගිලන්රථ ලබා දී තිබේ.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර , නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කසීම් හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු මේ සඳහා සහභාගී වුහ.









COMMENTS
ඉතාමත්ම ප්‍රසංසනීය ක්‍රියාවක් මෙන්ම මහත්ඵල මහානිසංශ අත්වෙන කුසල කර්මයක්. යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම් ඔහු තමන් වහන්සේට උපස්ථාන කරන්නෙකු බව බුදුරජානන් වහන්සේ දේශනා කල සේක.අප මොනතරම් උගතුන් බලවතුන් ධනවතුන් වුවද අවසානයේදී පිහිට වන්නේ මෙවන් ගිලන් රථ බව සිහිකිරීම වටී.මේ සත් කාර්යයට උරදුන් සැමටම පින්සිදුවෙවා !!!
හොද වැඩක් සුබ පැතුම්
රෑකාන්තට ආයිත් කොණ්ඩේ කපාගන්න ඕන වෙලා තියෙන්නේ...
ඇමතිතුමා මෙවැනි දේ කලාම,පෞද්ගලික රෝහල් වල තිබෙන දොස්තර සංගමය අනුමත කරන ගිලන් රථ ත්‍රී වීලර් රථත් ඇතුළුව සේවාවට මොකද වෙන්නේ? ආයේ කතා දෙකක් නැහැ, හෙට අනිද්දා වෙද්දී,ඇමති තුමා සමග ආරවුලක් ඇතිකරගනිමින් වැඩ වර්ජනයක් හා ෆේස්බුක් හරහා දැවැන්ත කැලෑ පත්තර මෙහෙයුමක් ඔය මාෆියා සංගමය දියත් කරන එක ෂුවර්. ගරු සෞඛ්‍ය ඇමති තුමාට ජය වේවා!!!
වටිනා කියන හැමදෙයක්ම 225 පවුලේ අය සහ හිතවතුන් අතරේ බෙදාගන්නේ ඇයි ගිලන් රථ බෙදා ගන්නේ නැත්තේ
මේකට උත්සවයක් තියන්න අවශ්‍යද? ඒක අමතර මුදල් නාස්තියක් නේද? රජයේ ප්‍රතිපාදන වලින් අරන් දෙන ඒක කෙලින්ම අදාළ රෝහලට යැව්වනම් ඉවරයි. උත්සව තියල ලකුණු දාගන්න අවශ්‍ය නැහැ.
ඇත්තටම මේක ගොඩාක් ප්‍රසංසනීයයි.සෞඛ්‍ය සේවයට කෙලින්ම සම්බන්ද සේවකයෙකු විදිහට මම මේක අගය කරනවා. මෙම ගිලන්රථ වල ජිවිත බේරා ගැනීමට ලැබුන වටිනාම උපකරණ හා නවීන පහසුකම් රාශියකින් යුක්තයි. දුර ප්‍රදේශයක සිට කොළඹ වෙත රෝගීන් ප්‍රවාහනය කරන විට පෙර පැවති ගිලන් රථ වලට සාපේක්ෂව රෝගීන්ට ඉතාමත් හොද සහනයක්.
කලර් ලයිට් උත්සව තියල විවෘත කරපු රටේ, ගිලන් රථ දෙන එක උත්සවයක් නැතිව දෙයිද?