(පද්මා කුමාරී කංකානම්ගේ )
ලෝක පරිසර දිනට සමගාමීව කල්පිටිය ප්‍රධාන මාර්ගයට යාබද කඩොලාන රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් අද (6) කල්පිටිය කුරුඤ්ඤම්පිටියේ දී පැවැත්විණි.
මධ්‍යම පරිසර අධිකාරීය මගින් සංවිධානය කළ මෙම වැඩසටහනට කල්පිටිය සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන් මෙන්ම විදේශීය සංචාරකයෝ ද මෙයට සහභාගී වුහ.
කල්පිටිය විජය නාවික නිලධාරීන් මෙන්ම කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් ද මෙම වැඩසටහනට සක්‍රීය දායකත්වය ලබාදුන්හ.





COMMENTS
රටක සංචාරය කරන සංචාරකයින්ට ඒ රටේ සුබසාධනය වෙනුවෙන් යමක් කරන්නට සිදු වීමෙන් ඒ රටේ පසුබෑම සහ අපකීර්තිය මනාව විද්‍යාමාන වේ.
මෝඩයා............මේ මිනිසුන්ව බලහත් කාරයෙන් ගෙනල්ල කුණු සුද්ද කරනවා නෙමෙයි. මේක සාමුහිකව කරන පරිසර ක්‍රියාකාරී වැඩ සටහනක්.
මේ රජින්ද්‍ර කරන කෙනෙකුට කරන්න දීලා පැත්තකට වෙනවද?
හොද වැඩසටහනක්. අපගේ සාමාන්‍ය ජනතාව සහ විදේශිකයන් පරිසරය රැකීමට උනන්දුවෙන එක බොහොම හොදයි නමුත් අපේ "දේශපාලුවන් නිතරම පරිසරය විනාශ කරන කාලකන්නි රැලක් "බවත් කිව යුතුමය.
එකතු කරන කුණු කොහෙටද දාන්නේ?
අයියෝ "රජින්ද දන්නැති දේවල් කියන්න ගිහින් අපරාදේ අහගත්තා නේද?
ඉතාමත් හොද ක්‍රියාවකි. සැමදෙනාගේම සහයෝගයෙන් රට පිරිසිදුව තබා ගැනීමෙන් රටේ සුන්දරත්වය තව තවත් වැඞිවේ. ඔබ සැමට තව තවත් දිරිය ලැබේවා!
දේශීය සංචාරකයා අපවිත්‍ර කරනවා. විදේශීය සංචාරකයා පිරිසිදු කරනවා
පරිසරයට සිමා මායිම් නැති බව දැන ගන්න හොදම උදාහරන