(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජාතික ආණ්ඩුවේ පසුගිය වසර දෙකක කාලයේ එක්සත් ජාතික පක්ෂය ළඟා කරගත් සුවිශේෂී ජයග්‍රහණ සවිස්තරාත්මකව ඇතුළත් ‘ප්‍රගතියෙන් බිඳක්’ නමැති විශේෂ වාර්තාව එළිදැක්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද(30) සිදු කෙරිණි.
නව රැකියා අවස්ථාවන් ලක්ෂ 4 ක් උත්පාදනය කිරීමට පියවර ගෙන තිබීම, ලක්ෂ 2 කට අධික පවුල් සංඛ්‍යාවකට තමන්ගේම නිවසක් ලබාදීමට හැකිවීම, ඉන්ධන මිල සියයට 22කින් පහත හෙළීමට හැකිවීම, ගැබිණි මවුවරුන් වෙනුවෙන් රුපියල් 20,000 ක දීමනාව ලබා දීමට කටයුතු කිරීම, රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කිරීමට හැකිවීම ඇතුළු ජනතා ජයග්‍රහණ රැසක් මෙම වාර්තාවේ අඩංගු වී ඇති බවත් මේ හේතුවෙන් ශ්‍රී ලංකාව විශාල පරිවර්තනයකට ලක්වෙමින් ඇති බවත් ජාතික ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂය විසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රබල ලෙස ස්ථාපිත කිරීමට විශාල දායකත්වයක් ලබා දී ඇති බවත් අගමැතිවරයා පැවසීය.


COMMENTS
හරි නම් ඕකට දාන්න ඕනේ නම "ප්‍රගතිය බින්දුවයි". හැබයි එකක් නම් ඇත්ත "ශ්‍රී ලංකාව විශාල පරිවර්තනයකට ලක්වෙමින් ඇති බවත්..". ශ්‍රී ලංකාව දෙකඩ කරන්නනේ මේ ගොල්ලෝ හදන්නේ!
අපේ අවාසනාවට රට විනාශ කරන්න බලයට පැමිණි පක්ෂයක්. මහා බැංකු මංකොල්ලය වැනි ඉතා විශිෂ්ඨ ගණයේ මංකොල්ලකාරයො ඉන්න පක්ෂයක්. තව බයිලාත් ගහනවා.
සමාවෙන්න, දැන් නම් මේවා දැකල රැවටෙන්නේ නැහැ අපි නම්. එහෙම රැවටුන කාලෙකුත් අපිට තිබුනා. ඔය කොළ කෑලි වල ලියලා තියෙන ඒවාට වඩා අහල දැනගන්න අපිට කරුණු කාරණා දහසක් තිබෙනවා. පක්ෂය කෙරෙහි තිබුණු අපේ විශ්වාසෙ දැන් හුඟාක් බිදිලා!!
මම 1994 සිට මේ දක්වා දේශපාලන පලිගැනීම් වලට ලක්වෙලා 2002 දී රැකියාව අහිමි කල කෙනෙක්. මම සේවය කලේ ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ, මේ ආයතනයේ සිටිය සහ සිටින දූෂිත නිලධාරීන් තමයි මගේ සේවය අසාධාරණ අන්දමින් නැවැත්වූයේ. එම ක්‍රියාවලියට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයත් ඍජුවම බලපැම් කලා. මේ සියලු කාරණා සැලකිල්ලට අරගෙන එජාපෙ දේශපාලන පලිගැනීම් කමිටුව 2004දී මට ලිඛිතව දැනුම් දුන්නා බරපතල දේශපාලන පලිගැනීමකට ලක්වී තිබෙන බවත් එජාපෙ ආණ්ඩුවක් පැමිණි විගස සහන සලසන බවත්. තවම කථාව විතරයි වැඩ නැහැ. මට උනේ අසාධාරණයක් කියලා අවු 13කට පස්සේ උසාවිය 2015දී තීරණය කලා. සියලු හිග වැටුප්, වැටුප් වර්ධක, දීමනා, උසසේවීම් සහ වෙනත් වරප්‍රසාද සහිතව සේවය ඛණ්ඩනයකින් තොරව නැවත සේවයේ පිහිටුවන්න කියලා උසාවිය නියෝග කලා. ඒ නියෝගයවත් මේ ආයතනයේ දූෂිත නිලධාරීන් හරියට ක්‍රියාවට නැගුවේ නැහැ. දැන් අවුරුදු දෙකක් වෙලා මොනවද මේ ගොල්ල මේ ගැන කලේ. කථාව විතරයි. ලියන්න පුලුවන් පොතක් මේ ගැන නමුත් දාන්නෙ නැති නිසා ලියන්නෙ නැහැ. එකක් කියන්නම්, 2002දී වගේ මේ දේශපාලන පලිගැනීම් වලට විසදුම් නොදී ආණඩුව පෙරලුනොත් ආයෙ මේ සියවසේදී එජාපෙ ආණ්ඩු නැහැ.
අම්ම අප්පාගේ කාලේ ඉදල රටේ පාලනයේ ඉන්නවා නේද ....මහජන සල්ලිවලින් පඩිත් අරන් වෙලා තියෙන්නේ රට ආපස්සට ගිය එක ....තව මොන කතාද ආයුබෝවන් .
මහබැංකු හොරු ටික ඔතන ඉන්නේ රවී විතරයි ඔතන නැත්තේ
සුනිල් සමාව ඉල්ලන්න ඕන අපි නොවෙයි ..ඒ අයයි ..මොකද පොරොන්දු උන දේ හරියට කළේ නෑ. ඡන්දෙ දිනන්න වියදම් කරපු අයවලුන්ට රටේ අර්ථිකයට කෙලින්ම බලපාන ප්‍රධාන තනතුරු දුන්නා ඒ සල්ලි පොලියත් එක්ක හොයාගන්න ...බලාගෙන ගියාම ඡන්දෙ කරලා තියෙන්නෙත් මහජනයාගේ සල්ලිවලින්.
තමන්ගේ බැරිකම වහගන්න පොදු අපේක්ෂකයෙක් ගෙනත් ලක්ෂ ගණනක පාක්ෂිකයින්ව පාවලා දුන්න එක ගැන මොනවත් ඔය පොතේ ලිලයලා නැද්ද?
ගිය ආණ්ඩු කාලේ ආණ්ඩුවට සම්බන්ධ එක දේශපාලකයෙක් උත්සවයක් පවත්වල තිබුන ස්ත්‍රීන් 100ක් සමග සහවාසයේ යෙදීම පිලිබඳ සතුට සමරන්න. ඒ පුද්ගලයා හිතුවේ ඔහුගේ ක්‍රියාකාරකම් වල ප්‍රගති වාර්තාවක් මේ අන්දමින් ජනතාව ඉදිරියේ තබන්න පුළුවන් කියා. "යහපාලන" ආණ්ඩුවේ ඉන්න එවැනිම පිරිසක් ජනතාවගේ මුදල් බිලියනවලින් සොරකම් කර ජනතාවට තමන්ගේ වැඩ කිඩ වල ප්‍රගතිය පෙන්වනවා. ඉහත කී ස්ත්‍රී දුෂකයා වස්ත්‍ර නැතිව කළ ඒ පාහර වැඩය මේ පිරිස වස්ත්‍ර ඇඳගෙන කරනවා. එකම වෙනස ඒ කයි.
මහා බැංකුව ගැනත් විස්තර තියනවද?
අගමැතිතුමනි, ප්‍රගති වාර්තාවට ඇතුළත් කරන්න බැදුම්කර වංචාවෙන් රටට සිදුවූ බිලියන 59 පාඩුව සහ අර්ජුන මහේන්ද්‍රන් ට සිදුවූ බිලියන 59 ලාබය.
මේ අය කියන්නේ එකක් කරන්නේ එකක්. කෝ අර ෆොක්ස් වගන් කම්හල. තව දුරටත් විස්වාස කරන්න නම් බැහැ.
මහා බැංකුව ලබපු ප්‍රගතිය ගැන ඕකේ ලියල නැද්ද මහත්තයෝ? මම දන්නේ නැති නිසයි අහන්නේ.
හම්මෝ ඇති ඇති ඔය බිදක් පෙන්නුවා හොදටෝම ඇති ගැබිණි / මවුවරුන් වෙනුවෙන් රුපියල් 20,000 ක දීමනාව මේ දැනුත් මාසෙකට 2000 ගානේ ලබා දෙනවා මොක්කක්ද අලුතෙන් දෙන්න තියෙන්නේ - අම්මල ත්‍රි පෝෂ ගන්න හැදුනුම්පත ගෙනියන්න ඕනි. බබාගේ බර පොඩ්ඩක් වැඩිනම් ත්‍රි පෝෂ නැහැ අනේ යකෝ ප්‍රති පත්ති
‘ප්‍රගතියෙන් බිඳක්’ නමැති විශේෂ වාර්තාවෙන් අපි ඔහෙලා කරපු බිඳ දැනගත්තා හොඳම හරිය අපි ජනාදිපති කොමිසමෙන් දැනගත්තා. කරන්න යන මහා දේවල් උද්ගෝෂණ වලින් දැනගත්තා. හරි නේද?
කරපු දෙයක් නැති කොට කියන්න වෙන්නේ බිදක් කියල තමා. මොකෝ රටම කෑව මිසක් රටක් හැදුවද UNP බත් කන පාර්ලිමේන්තුවේ ඉන්න හරක් රැල. තාමත් රටම විනාස කරනවා මිසක් මුන්ට වෙන වැඩක් තියෙනවද. ඉතිහාසේ ඉදන්ම රට කෑව මිසක් මුන්ගෙන් සිංහලයට නම් සෙතක් උනේ නැහැ. සුද්දටයි වෙන ජාතියේ එවුන්ටයි නැමීගෙන හිටිය මිසක්.
ලොක්කන්ගේ ගිණුම් තර වීම ,රජය එ් කොන්ත්‍රාත් ටික පවුලේ අයම බදා ගෙනෙම් කැම,සම්පත් ටික විකුනම් කෑම රට බෙදීම ,ජීවන වියදම ඉහල යාම ,ගංවතුරින් සාලාවෙන් , නායයමේන අනාථ අය වෑඩි වීම අැතුලු බොහෝ ප්‍රගතිනම් තියෙනවා
කොළකෑලිවල ලියලා පෙන්නන්න කලින් කරන වැඩනම් හොඳට පේනවා. කථාව විතරයි කරපු වැඩක් නම් නෑ. දියවන්නාෙව හරක් රැළ දුප්පත් මිනුසුන්ගේ ශරීරයේ මාංශ ටිකත් උරා බෙනවා. ඊට පස්සේ උන්බෑ කියකියා ඉන්නවා. අඩුම ගානේ ඔය ගොම ටිකවත් මිනිසුන්ට දීපල්ල පැලයක්වත් හදාගන්න. උලා ගෙනම කන්නේ නැතිව. ඒක දෙන්නෙත් උන්ගෙම එකෙක්ට. පුදුම කියන්නේ මුන්ට ලැජ්ජාවක් නම් ගෑවිලාවත් නෑ. වෙලාවකට හිතෙතනවා මුං මේ මහෙපාලෙව ඉපදුණේ අැයි කියල.
ගරු අගමැති තුමනි , ඔබ හොඳින්ම දන්නා බැඳුම්කර වංචාව ගැන වචනයක් ඔබ කොයි වෙලාවකවත් මුකුත් සඳහන් කරන්නේ නැත්තේ එක්කෝ කපටි කම නිසා නැත්තම් නොතේරෙන කම නිසා. ඔය ප්‍රගතිය ගැන කරන කතා වලට රැවටෙන්නේ ඔබමයි.ජනතාව බුද්ධිමත්. ඉස්සරහටත් ඉතින් පොදු අපේක්ෂකයෙක්ම තමයි ඔබ පක්ෂයට පිහිට වෙන්නේ.
මට එක්සත් ජාතික පක්ෂය ගැන කිසියම් පැහැදීමක් තිබුණා නම්, එය මහබැංකු මගඩියට රනිල් වික්‍රමසිංහ මහතා සමබන්ධ වී ඇති ආකාරය තේරුම් ගැනීමත් සමග අහෝසි වී ගියේය. ඔහුට මිස්ටර් ක්ලීන් කියන්නේ කුමක් නිසාදැයි නොදනිමි.
අර හාදය මේ පැත්තට පැන්න ගමන් කියාවි ඕකත් ළූණු බිකක්කියලා.
අර ඉහත කියපු ස්ත්‍රී සල්ලාලයා ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක්. ඔහු වගේම සෙල්ලම් පිස්තෝල සභාපතිත් දැන් ඉන්නේ යහපාලන වේදිකාවේ. ප්‍රගතිය හොඳයි නේද?. තව අවුරුදු 03 ක් මේ අය බලයේ හිටියොත් මේ රටම විජාතිකකරණය කර සියළුම ජාතීන් නපුංසකයින් කරනවා. මන්ද ආණ්ඩුව කරවන බොහෝ දෙනෙක් එවැන්නවුන් නිසා.
ප්‍රගතිය බිංදුව බව ජනතාව පළාත් පාලන මැතිවරණයේදී පෙන්නලා දෙයි.