(ඡායාරූප චතුර එස් .කොඩිකාර )
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහනුවරින් ඇරැඹු පා ගමන පස්වැනි දිනට අද (4) කිරිබත්ගොඩින් ආරම්භ කර මීට සුළු මොහොතකට පෙර බොරැල්ලෙන් අවසන් කෙරිණි .
මෙම අවස්ථාවට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න , පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගිව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්සෙන් ගමන්කළ සජීවී විකාශන රථයට මොකද වුනේ?
මේ අයට කරන්න වෙන පලක් ඇති දෙයක් නැද්ද?
පව්. අපරාදේ කාලය. මොනවා හරි කාලා ගෙදර යන්න.
අද මම දෙමටගොඩ හරියේදී මේ දැවැන්ත පා ගමන ගමන දැක්කා. ශූ ගලා 50ක් විතර හිටියා,මහමග හිටිය ජනතාවත් සමග. පාරවල් අවහිර කරලා අපේ කාලෙත් කනවා. මෙයා කියනදේ අහල අගමැතිතුමා අයින් වුනාද දන්නේ නැහැ.
දේශපාලන අවස්ථාවාදීන් ගේ වැඩ වලට හවුල් වෙලා මේ මිනිස්සු කාලකන්නි වෙනවා.
පක්ෂෙන් එලවපු පිරිස් පක්ෂේ ආරක්ෂා කරන්න සටන් කරනවා. අපිටනම් හිනා.
පවු කට්ටියට දැන් සතුටුද
මෙවැනි අනවශ්‍ය පෙළපාලි හා දේශපාලන රැස්වීම්වල ජාතික ධජය අවභාවිතා වීම කණගාටුවට කරුණකි. මේවා ජාතික හෝ අන්තර්ජාතික මට්ටමේ කර්තව්‍යන් නොවන නිසා ය. නොතේරුම් කමට නූගතුන්, අඳබාලයින් මෙවැනි අවභාවිතයන්හී යෙදෙන අවස්තාවලදී එහි ඇති වරද ගැන පැහැදිලිකර දී වළක්වාලීමට සංවිධායකයින් හා නායකයින් හට නොහැකි වන්නේ එක්කෝ ඔවුන්ගේද නොදන්නාකම් හෝ නූගත්කම් නිසාය. හෑල්ලුවට පත්වන්නේ අප ජාතික ධජයයි, මහ ලොකුවට උදම් අනන අප ජාතියයි. අප්‍රේල් 05 දිනයෙන් පසු පත්වන අලුත් අමාත්‍ය මණ්ඩලයේ ගරු ස්වදේශ කටයුතු ඇමැතිතුමන්ගේ අවධානයට යොමු කැරුනොත් යෙහෙකි.
"පොළොන්නරුවේ ලොක්කාගේ ගෝලයෝ"
අවසන් වූ සුනඛ පාගමන ගැන මොකද මෙතෙක් කල් ප්‍රවෘත්තියක් හැටියට තව දුරටත් පෙන්වමින් සිටින්නේ. වෙනත් පුවත්පත් අලුත් තොරතුරු පෙන්වමින් සිටින අතර මේක තාම පරණ දේ මකා ගන්න බැරිව දඟලනවා වගේ. අප්පිරියාවේ බැහැ. මේ නිකම් අයින් වෙන්න බැරි පින් ඇමතිවරු වගේ නේ.