(රොමේෂ් මධූෂංඛ,ජායාරූප - ඒස්.ප්‍රදීපන්)
ස්ථීර රැකියා ලබා දෙන්නැයි ඉල්ලමින් උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු උතුරු පළාත් සභාව ඉදිරිපිට දී අද (09) විරෝධතාවක නිරත වූහ. රජයේ නව රැකියා දස ලක්ෂය උතුරට මෙතෙක් ක්‍රියාත්මක වී නැති බවත් යුද සමයේ ඉතා අසීරුවෙන් ලබා ගත් උපාධියට කිසිදු වටිනාකමක් ලැබී නැති බවත් විරෝධතාකරුවෝ පවසති.
පෙබරවාරී 27 වැනි දා සිට යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළ ද එයට කිසිදු විසඳුමක් නොලැබීම නිසා මෙසේ විරෝධතාවක් සංවිධානය කළ බවට ඔවුහු කියති.




COMMENTS
මම නම් දන්නා තරමින් ඔය කියන රැකියා දස ලක්ෂය උතුරට තියා දකුණටවත් තාම නැහැ. ඕවා යහපාලනයේ පච පොරොන්දු. සමහරවිට ඔබලාට දුක ඇති, ඔබලාගේ ඡන්දයෙන් පත්වුණ යහපාලනය ගැන.
කෘෂි කර්මයට මග පාදාදෙන්න, උතුරු නැගෙනහිර කොච්චර අස්නොවද්දු ඉඩම් තිබෙනවාද?