‘ඉන්දියානු සාගරය : අපගේ අනාගතය නිර්වචනය කිරීම’ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (11) ආරම්භ කෙරිණි. ඉන්දීය සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගරය භාවිත කරන රටවල්වලට පොදු වූ අභිලාෂයන් සහ ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.
මෙම සමුළුව සඳහා විපක්ෂනායක ආර්. සම්බන්ධන්, කථානායක කරු ජයසූරිය, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත තානාපති පීටර් තොම්සන්, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරු ද සහභාගී වූහ. සමුළුව හෙට(12) දක්වා පැවැත්වේ.
ඡායාරූප - ගයාන් අමරසේකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාල රටවල් වලින් කවුරුවත් නැනේ...
හපොයි දෙයියනේ එකත් විනාශයි! අපේ අහිංසක ධීවරයන්ටත් ලගදීම මිල සුත්තරයක් එයි වගේ.
සමුළු, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, විදේශ සංචාර, ගිවිසුම් වලින් නම් අඩුවක් නෑ. හැබැයි ජනතාව යන්නේ හොම්බෙන්.
ඉතාම කාලෝචිත පියවරක්. හුඟක් කලින් කරන්න තිබුණ දෙයක්.
අගමැතිතුමාගේ තවත් සංකල්පයක් වගේ. මෙම සමුළුවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද දන්නේ නැහැ. හැබැයි මෙම ආරම්භක සමුළුවට පස්සේ ඕකේ ආයේ කිසිම දෙයක් වෙන එකක් නැහැ , එක විශ්වාසයි
ඔස්ට්‍රේලියාව ඉන්නවද? ඔස්ට්‍රේලියාව තමයි ඉන්දියන් සාගරය ඉතාමත්ම කාර්යක්ෂම විදියට පාවිච්චි කරන්නේ.
හැමදාම වෙන දේම තමා මෙතනත් වුනේ. අනවශ්‍ය අය ගේන්න ගත්තා
කෝ බලපිටිය, අම්බලන්ගොඩ පැත්තෙන් කවුරුවත් නැහැනේ. ඉන්දීය සාගරය භාවිතා කරනවනේ උදේ පාන්දරට...