‘ඉන්දියානු සාගරය : අපගේ අනාගතය නිර්වචනය කිරීම’ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (11) ආරම්භ කෙරිණි. ඉන්දීය සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගරය භාවිත කරන රටවල්වලට පොදු වූ අභිලාෂයන් සහ ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.
මෙම සමුළුව සඳහා විපක්ෂනායක ආර්. සම්බන්ධන්, කථානායක කරු ජයසූරිය, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත තානාපති පීටර් තොම්සන්, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරු ද සහභාගී වූහ. සමුළුව හෙට(12) දක්වා පැවැත්වේ.
ඡායාරූප - ගයාන් අමරසේකර




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.