(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ති‍්‍රක්කයට වැසි නොලැබීම හේතුවෙන් දිස්ත‍්‍රික්කයේ වැව්වල ජල මට්ටම පහළ බැසීමට පටන් ගෙන ඇත.
දමන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහානාගපුර පිහිටා ඇති අම්බලන්ඔය වැවේ ජල මට්ටමද අඩි 06 දක්වා පහළ බැස තිබේ.දැනට එහි ඇති ජල ධාරිතාවය අක්කර අඩි 7796 කි.
මෙම ජලාශයේ මුළු ධාරිතාවය අක්කර අඩි 35 950 ක් වන අතර මේ වන විට අක්කර අඩි 28154ක් අඩුවී ඇති බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂ නිහාල් සිරිවර්ධන මහතා පැවසිය.
මෙම වැව යටතේ කුඹුරු අක්කර 3700 ක් වගා කරන අතර මෙම කන්නයේ කුඹුරු වගා කිරිමට ජලය නිකුත් කිරිමේදී ගැටළු සහගත තත්ත්වයක් පවතින බව සිරිවර්ධන මහතා කීය.
කෙසේ වෙතත් පානීය ජලය සදහා ජලය නිකුත් කරන අතර එම ජලය අර පිරිමැස්මෙන් භාවිතයට ගන්නා ලෙසද ඒ මහතා ඉල්ලයි.
ජලය අඩුවීම නිසා ධීවර ජනතාවද අපහසුතාවට පත්ව සිටිති.වැවේ ජල ධාරිතාවය අඩුවීමත් සමග මසුන් ඇල්ලිමට දැල් එළීම සිමාවී ඇති බවත් එහි ඇති ගස්වල දැල් පැටලිම නිසා දැල් ඉරෙන බවත් අම්පාර ධිවර සහකාර අධ්‍යක්ෂක රෝහිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.




2025 නොවැම්බර් මස 21
258
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
308
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1233
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අම්පාරේ වැව් ජල මට්ටම පහළට