IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දේශපාලන අර්බුදය ඔඩුදුවයි

 

(අජන්ත කුමාර අගලකඩ)  

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දැනට කටයුතු කිරීමත් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එය නොපිළිගැනීමත් හේතුවෙන් ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය දිනෙන් දින උග්‍ර වෙමින් පවතී.  


මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා කතානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඉකුත් බ්‍රහස්පතින්දා (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර ඇතත් අර්බුදයට නිශ්චිත විසඳුමක් එමගින් ද ලැබී නැතැයි වාර්තාවේ.  

 

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු හේතුවක් මත නැවත අගමැති ධුරයට පත් නොකරන බවත් ඔහු සමඟ ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැති බවත් ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී දැඩිව ප්‍රකාශ කර ඇතැයි ද දැනගන්නට තිබේ.   


හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡාවට සහභාගි නොවූ අතර පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා හමුවී වෙනම සාකච්ඡා කළ යුතු බවට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් එහිදී කළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තාවේ.   


මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නිවැරැදි ක්‍රමවේදය අනුව විශ්වාසභංගයකින් පරාජය කිරීම තමාට ගැටලුවක් නොවන බවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තම බහුතරය නිවැරැදිව පෙන්වන්නේ නම් ව්‍යවස්ථානුකූලව පියවර ගැනීමට තමා සූදානම් බවත් ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.   


මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස තමා විසින් පත් කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව බැවින් තමාගේ නියෝගය මුලින් පිළිගන්නැයි ද ජනාධිපතිවරයා එහිදී කතානායකවරයාගෙන් හා පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තාවේ.   


මේ තත්ත්වය මත දැනට ඇතිව තිබෙන දේශපාලන අර්බුදය නොවිසඳී තවදුරටත් උග්‍ර අතට හැරෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

 



අදහස් (0)

දේශපාලන අර්බුදය ඔඩුදුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site