(අජන්ත කුමාර අගලකඩ)
නිල කාලය අවසන් වී ඇති පළාත් සභාවල මැතිවරණය, මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණයට පෙර පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට පැවැත්වීමට පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණ ඇති බැවින් මෙවර පළාත් සභා මැතිවරණය ද පැරැණි ක්‍රමය යටතේම පැවැත්වෙනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවැසේ.
පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවේ දැනට සම්මත වී ඇති බැවින්, පැරැණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා අලුතින් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇති බවත් ඒ අනුව නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත්, රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එහෙත් පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාල සීමාව සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවද ඔහු කීවේය.
සබරගමුව, උතුරුමැද, නැගෙනහිර, වයඹ, මධ්‍යම සහ උතුරු යන පළාත් සභා හයේ නිල කාලය මේ වනවිට අවසන් වී ඇති අතර බස්නාහිර සහ දකුණු පළාත් සභාවල නිල කාලය ලබන අප්‍රේල් මාසයේද ඌව පළාත් සභාවේ නිල කාලය ලබන අගෝස්තු මාසයේද අවසන් වීමට නියමිතව ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් මාසයේද පාර්ලිමේන්තු මහමැතිවරණය ලබන 2020 වසරේ අගෝස්තු මාසයේද පැවැත්වීමට නියමිතය.
අවශ්‍ය නම් ජනාධිපතිවරයාට ලබන ජනවාරි මස 9 වැනිදායින් පසුව ජනාධිපතිවරණය කැඳවීමේ අවස්ථාව ඇති අතර, පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් මහ මැතිවරණය කලින් කැඳවීමේ හැකියාවද පවතී.
2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපතිවරණයට කලින් පළාත් සභා එයි ?