(දයාසීලි ලියනගේ)
ඉතා අඩු මිලට විදුලිය ලබාගැනීම සඳහා මේ වසර අවසානවීමට පෙර පිහිටුවීමට නියමිතව තිබූ මෙගාවොට් 100ක සූර්ය බලාගාරය දේශපාලන මැදිහත්වීම නිසා අත්හිටුවීමට සිදුවෙන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ අක්කර 500ක භූමි භාගයක මෙම සූර්යබලාගාරය පිහිටුවීමට සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් පියවර ගෙන තිබූ අතර මෙහි නිපදවන විදුලිය ඒකකයක් සඳහා රුපියල් 16කට වඩා අඩු වියදමක් වැය කිරීමට නියමිතව තිබුණි.
මෙම සූර්ය බලාගාරය පිහිටුවීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභාව, වනජීවී දෙපාර්තමේන්තුව, වාරිමාර්ග අමාත්‍යාංශය, ජල සම්පත් මණ්ඩලය, දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ආදී වූ ආයතන 8කින් අනුමැතිය ලබා තිබිය දී මෙම භූමියේ අනවසරයෙන් බඩඉරිඟු වගා කිරීමේ යෙදී සිටින පිරිසක් ආරක්ෂා කිරීම සඳහා දේශපාලන බලධාරීන් පිරිසක් මෙම බලාගාරය පිහිටුවීමට විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.
සූර්ය බලාගාරය පිහිටුවීම සඳහා කටයුතුවලින් මේ වනවිට සියයට 90කට වඩා වැඩි වැඩ කොටසක් අවසන් කර ඇති අතර, මෙය මෙරට ඉදි කෙරෙන ප්‍රථම පුනර්ජනනීය බලශක්ති නිෂ්‍පාදනාගාරය වෙයි.
බඩඉරිඟුවලින් ලබන ආදායමට වඩා කෝමාරිකා වගාවෙන් මෙම ගොවීන්ට විශාල ආදායමක් ලබාදීමට සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.
සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති වැඩපිළිවෙළ ප්‍රමාදවීම සම්බන්ධයෙන් කළ විමසීමේදී, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය අසංග රුද්‍රිගෝ මහතා ප්‍රකාශ කළේ මෙම සූර්ය බලාගාරය පිහිටුවීම වැළැක්වීමට කරුණු කාරණා යෙදී ඇති බවයි.
දූෂණ, වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේ දී තරග කිරීමට ඉදිරිපත්වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී දේශපාලන ප
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මවා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික
වසර 1982 න් ආරම්භ වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ කිසිදු අපේක්ෂකෙයකු සියයට පනහ ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගන්නා ජනාධිපතිවරණය බවට මෙවර ජනාධිප
ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ “රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන” ආයතනයක් ස්ථාපිතකොට, දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් විසින් රටෙන් සොරාගන්නා ලද අයථා ඉපැයී
ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වනවිට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්
2023 දෙසැම්බර් 30 වෙනවිට ගෙවීම පැහැර හැර ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් කෝටි එක් ලක්ෂ දහ තුන් දහස් එකසිය පනහක් (රුපියල් බිලියන 1131.5) බව පේරාදෙණිය විශ්වවිද්‍යා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අඩුමිල විදුලිය ව්‍යාපෘතියට දේශපාලන පොල්ලක් !