IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සල්ලිගත් මන්ත්‍රී ලැයිස්තුව එළියට ගන්න මෙ​ෙහයුමක්

(අජන්ත කුමාර අගලකඩ)  
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන අලෝසියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනකුගේ නම් හෙළිකරන ලෙසට ඉල්ලීම් රැසක් ඉදිරිපත්ව ඇතත්, එම නම් ලැයිස්තුව ලබාදීමේ ගැටලුවක් පැන නැගී ඇතැයි වාර්තා වේ.  


මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සමග බාරදුන් එහි ඇමුණුම් කොටස්වලින් විශාල ප්‍රමාණයක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ගබඩා කර තිබීම ඊට හේතු වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.  

අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනා හෙළි කරන ලෙස මන්ත්‍රීවරුන් ගණනාවක් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉකුත් දින කිහිපයේ හමුවී ඉල්ලා ඇති අතර බැඳුම්කර ගනුදෙනුවට අදාළ තොරතුරු රැසක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කර ඇති බැවින්, ඒවා එම දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නැයි ලේකම්වරයා දැනුම් දී ඇත.  


එහෙත් සංවේදී තොරතුරු ලෙස හඳුන්වන එම තොරතුරු වසර 30ක් යනතෙක් එළියට දැමිය නොහැකි බව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු බලධාරීන් දැනුම් දීම නිසා මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී ඇතැයි පැවැසේ.  


ජනාධිපති ලේකම්වරයාගේ ලිඛිත අවසරයක් ලැබෙන්නේ නම් පමණක් අදාළ තොරතුරු ලබාදිය හැකි බව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ බලධාරීන් එම තොරතුරු ඉල්ලා ඇති අයට පවසා ඇතැයි ද වාර්තා වේ. එම නම් ලැයිස්තුව එළියට ගැනීම සඳහා විවිධ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන විවිධ මට්ටමින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. 

 



අදහස් (0)

සල්ලිගත් මන්ත්‍රී ලැයිස්තුව එළියට ගන්න මෙ​ෙහයුමක්

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 7 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 41 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 169 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 166 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site