IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පළාත් සභා මැතිවරණය ලබන වසර මුලදී

(අජන්ත කුමාර අගලකඩ)  

වසර කිහිපයක් තිස්සේ දිගින් දිගටම කල් යමින් තිබෙන පළාත් සභා මැතිවරණය ලබන වසර මුල දී පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   


ඒ අනුව පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද පැවැසේ.   


පළාත් සභා මැතිවරණය මේ වසර තුළදීම පැවැත්වීමට රජය අපේක්‍ෂා කළ ද, මේ වසරේ අයවැය ඉදිරිපත් කිරීමට තිබීමත්, අ.පො.ස. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට තිබීමත් නිසා එය ලබන වසර මුල දී පැවැත්වීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.  

පළාත් සභා මැතිවරණය මෙයට පෙර ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් මනාප ක්‍රමය යටතේ පැවැත්වෙනු ඇති බව ද දැන ගන්නට ඇත.   


පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වීමට ඉකුත් රජය යටතේ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කර ඇතත්, සීමා නිර්ණ වාර්තාව පාර්මේන්තුවේ දී පරාජයට පත්වීම හේතුවෙන්, පළාත් සභා ඡන්දය අලුත් ක්‍රමයට හෝ පැරැණි ක්‍රමයට පැවැත්වීමට නොහැකිව සිරවී තිබේ.   


ඒ අනුව පළාත් සභා මැතිවරණය දිස්ත්‍රික් මනාප ක්‍රමය යටතේම පැවැත්වීම සඳහා පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධනයක් ගෙන ඒමට රජය සැලසුම් කරමින් සිටින බව ද වාර්තා වේ.   


පළාත් සභා 9 න් ඌව, බස්නාහිර සහ දකුණු පළාත් සභා තුනේ නිල කාලය ඉකුත් 2019 වසරේදී ද, මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා තුනේ නිල කාලය 2018 වසරේදී ද, නැගෙනහිර, සබරගමු හා උතුරු මැද යන පළාත් සභා තුනේ නිල කාලය 2017 වසරේදී ද අවසන් විය.   

 



අදහස් (0)

පළාත් සභා මැතිවරණය ලබන වසර මුලදී

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 7 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 41 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 169 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 166 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site