( තිළිණි ද සිල්වා )
හයිටියේ සේවයෙහි නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 100 දෙනෙකුගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටි ජනරජය වෙත පිටත් කර යවා තිබේ.
හයිටියේ ඇඟලුම් අංශයේ සේවය කරන 100 කට අධික සේවානියුක්තිකයින්ට සහාය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් කරන ලද හදිසි ඉල්ලීම මත, පස් දෙනෙකුගෙන් යුත් මෙම වෛද්‍ය කණ්ඩායම කියුබානු බලධාරීන් විසින් පිටත් කරනු ලැබිණී.
ඉකුත් 7 වැනි දින හයිටිය වෙත පැමිණි මෙම වෛද්‍ය කණ්ඩායම, කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම, නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවන් සහ අවශ්‍යතා ඇති අයට ප්‍රාථමික ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලාංකික සේවකයින්ට උපදෙස් ලබා දුන්නේය.
වෛද්‍ය කණ්ඩායමක් යැවීමට කටයුතු කිරීමට සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියුබානු රජය වෙත සිය ප්‍රසාදය පළ කළේය. විදේශ අමාත්‍යංශයේ දී කියුබානු තානාපති ජුවානා එලේනා රමෝස් රොඩ්‍රිගුස් මැතිනිය සමඟ පැවති සාකච්ඡාවක දී විදේශ අමාත්‍යවරයා මෙම ස්තූතිය පළ කළේය.
කියුබාවේ සහ කැරිබියානු කලාපයේ පවතින තත්ත්වයන්, කැරිබියානු ප්‍රජාවේ (CARICOM) ක්‍රියාකාරකම් මෙන්ම, කියුබාව සහ යුරෝපීය හා ආසියානු කලාප අතර සම්බන්ධතාවය පිළිබඳව ද කියුබානු තානාපතිවරිය විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළාය.

2025 දෙසැම්බර් මස 18
610
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හයිටියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සහායට කියුබානු වෛද්‍ය කණ්ඩායමක්
අරවින්ද ගුණවර්ධන Wednesday, 13 May 2020 08:41 AM
කියුබාව දිනේවා...!!!
Anura Wednesday, 13 May 2020 11:50 AM
දැන් ඉතින් 3% උඩ පනී. ඇයි කියුබාවනේ. කොහොම වුණත් මෙය අගේ කළ යුත්තක්...