(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ නාගරික මන්ත්‍රීවරියකගේ නිවසකින් අරක්කු බෝතල් 26 ක් , වයින් බෝතල් 15 ක් සහ බියර් කෑන් 48 ඇතුළු මත්පැන් තොගයක් අද (26) අත්අඩංගුවට ගත්බව හපුතලේ පොලිසිය කියයි.
මෙම මත්පැන් තොගය සමඟ මන්ත්‍රීවරියගේ ස්වාමි පුරුෂයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඇඳිරිනීතිය නීතිය අතරතුර මත්පැන් අධික මිල ගණන් වලට අලෙවි කරන බවට හපුතලේ පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
ඇදිරි නීතිය අතුරතුර වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් තොගය සඟවා ගබඩා කර තිබූ බව හපුතලේ පොලිසිය කියයි .


COMMENTS
ඇයි මේ වගේ අයගේ තනතුරු අහෝසි නොකරන්නේ ..
ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුව ඉල්ලුමට සාපේක්ෂව සැපයුම අඩු උනාම මිල ඉහල යනවා. ප්‍රශ්නේ ඒක නෙමෙයි කවුද මේ නාගරික මන්ත්‍රීවරිය? .
හොයල බලන්න මෙයා පොහොට්ටුවෙක් නෙමේ ද කියල. 90% ක් වැරදි කරන්නේ පොහොට්ටුවෝ
කිසිම දඩුවමක් දෙන එක සූදුසු නෑ. බිලියන් ගනන් හොර වංචා කරපු සියල්ලම යහතින් එලියේ විරාජමාන වෙද්දී, මේ දෙදෙනා කර ඇත්තේ ඉතා සරල දෙයක්. නිකමට කියනව නම් බයි ඇන්ඩ් සෙල් බිස්නස් එකක්. අපේ කම්බහොරුන් කිසිම මහන්සියක් නැතිව කෙලින්ම සල්ලි ටික එකවුන්ට් එකට හරවා ගන්නවාත්.
තමන්ගේ නිවසේ බෝතල් ටිකක් තියා ගන්න පුළුවන්. මේවා ගෙවල් වලට පැනල අල්ලන්න කසිප්පු නෙවෙයිනේ? දැන් අපේ ගෙදරත් මම බෝතල් ටිකක් තියන් ඉන්නේ මට ඕන වෙලාවට පොඩ්ඩක් දා ගන්න.