IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


හෙදියන්ට දෑත් සේදීමේ පහසුකම් නැහැ

ලොවපුරා රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවලින් හයෙන් එකකට සෞඛ්‍යාරක්ෂිත අත්සේදීමේ පහසුකම් සහ ප්‍රමාණවත් හෙද හෙදියන් නැතැයි වෝටර්ඒඩ්ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරයි.

ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් වාර්තාවක් නිකුත් කරමින් එම සංවිධානය එම තොරතුරු අනාවරණය කර ඇත.

‘නව කොරෝනා වයිරස’ වසංගතයට එරෙහිව ගෙන යන සටනේ ඉදිරිපෙළ සටන්කරුවන් වන හෙදියන්ට ඔවුන්ගේ දෑත් සෝදා ගැනීමට පහසුකම් පවා නැතැයි එම සංවිධානය අනතුරු අඟවයි.
 
මේ තත්ත්වය හේතුවෙන් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලවල ආරක්ෂාව සුරක්ෂිත කරන්නැයි ද ජාත්‍යන්තර සංවිධාන ආණ්ඩුවලින් අද (12) ඉල්ලා සිටියේය.
 
පිරිසදු ජලය නොමැති ප්‍රදේශවල ජීවත්වන ලොවපුරා බිලියනයකට ආසන්න පිරිසක් තම සෞඛ්‍යාරක්ෂාව සපයාගැනීමේ දැඩි අරගලයක නිරත වී සිටින මොහොතක මෙම නව වාර්තාව නිකුත්ව තිබේ.
 
ලෝක හෙද දිනය අද (12) ට යෙදී ඇත. ලොව දුප්පත්ම රටවල සෞඛ්‍ය සේවා සපයන ස්ථානවලින් අඩකට ආසන්න සංඛ්‍යාවකට පිරිසුදු ජලය නැතැයි ‘වෝටර්ඒඩ්’ සංවිධානය පෙන්වාදෙයි.

වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු ලොවපුරා සෞඛ්‍ය කාර්යමණ්ඩල මේ වනවිට මිනිසුන් කොරෝනා වසංගතයෙන් බේරාගැනීම සඳහා දැඩි අරගලයක නිරත වී සිටිති. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් අද (12) පස්වරු 5 වනවිට ලොවපුරා 287,600කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබිණි. 
 
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා ගොස් තිබිණි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ලොවපුරා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සොඛ්‍ය කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් රැසකට ද ජීවිත අහිමි වී ඇත.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිරන්තරයෙන් දෑත් සේදිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි. කිවිසුම් යෑමේදී, කහින විටදී මුඛ ආවරණය කරගන්නැයි ද කායික දුරස්ථභාවය පවත්වා ගන්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අවධාරණය කළේය.
 
‘‘සංවර්ධනය වෙමින් පවතින රටවල් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් දහස් ගණනකට දෑත් සෝදා ගැනීමට පිරිසුදු ජලය හෝ සබන් හෝ නැහැ’ යැයි ‘වෝටර්ඒඩ්’ සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් වේයින්රයිට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

‘‘සනීපාරක්ෂාව පවත්වාගැනීමට නොහැකි වීම රෝහල්වල වයිරසය ව්‍යාප්ත වෙන කේන්ද්‍රස්ථාන බවට පත්වෙලා. ලොවපුරා රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරිලා ගිහිල්ලා.
 
 මේ තත්ත්වය හේතුවෙන් වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ විතරක් නෙවෙයි රෝගීන්ගේ ද ජීවිත අවදානමට පත්වෙලා’’ යැයි ද හෙතෙම කීය.

වෛද්‍ය කාර්යමණ්ඩලවලට ප්‍රමාණවත් පරිදි පෞද්ගලික උපකරණ කට්ට්ල, මුඛ ආවරණ, මුහුණ ආවරණ, අත් ආවරණ සහ ඇස් ආවරණ සැපීමට අසමත් හා අපොහොසත් වීම හේතුවෙන් ලොවපුරා ආණ්ඩුවලට දැඩි විවේචනයක් එල්ල වී ඇත.
 
අල්ජසීරා
 
055

 



අදහස් (3)

හෙදියන්ට දෑත් සේදීමේ පහසුකම් නැහැ

Sugath Tuesday, 12 May 2020 01:46 PM

බැලූ බැල්මට පෙනෙන්නේ ලංකාවේ රෝහල් වගෙයි. මෙවැනි ශීර්ෂ පලකරන විට මේ අවස්ථාවේදීවත් මීට වඩා බුද්ධිමත් විය යුතු බවයි මගේ හැගීම... !

:       181       511

AnilTuesday, 12 May 2020 03:56 PM

සුගත් මහත්මයා හිතන් ඉන්නේ ලංකාවේ අයට හැමදේම අංග සම්පූර්ණයෙන්ම තියෙනවා කියලද? තමන්ගේ දන්න කියන කෙනෙක්වත් ඉස්පිරිතාලෙක වැඩකරනවා නම් පොඩ්ඩක් අහලා බලන්න.. ලෝකෙ නෙමෙයි.. ලංකාවේ තත්වෙත් ඕක තමයි.. මීඩියාවල පෙන්වන දේට වැඩිය යථාර්ථය වෙනස්. දේශපාලනේ පැත්තක තියලා බැලුවොත් පෙනෙයි.

:       0       0

රවින් Tuesday, 12 May 2020 05:18 PM

ඇත්ත වෙන්න ඇති. රටවල් කියක වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලවල කීදෙනෙක් කොරෝනා ආසදිතයෙන් මැරුනාද? ඒ පැත්තෙන් බැලුවොත් අපේ රෝහල් හොඳයි නේද?

:       38       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 189 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1145 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site