(තිළිණි ද සිල්වා)
නව කොරෝනා වසංගත තත්වය සැළකිල්ලට ගෙන දිවයිනේ සියලුම උසාවි හෙට (17) සිට මෙම මස 20 (සිකුරාදා) තෙක් වසා දැමිමට යෝජනා කරන බව ශ්‍රී ලංකා නිතිඥ සංගමය නිවේදනයක් නිකත් කරමින් කියා සිටී.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සදහන්වේ.
මෙරට කොරොනා වයිරසය පැතිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිතිඥ සංගමය සිය නිරීක්ෂණයන් සිදුකරමින් සිටියි.
කොරොනා යැයි සිතන පුද්ගලයන් හමුවීම පිළිබද සිද්ධීන් කිහිපයක් පිළිබදව පැමිණිලි කිහිපයක් අප සංගමය වෙත ලැබී තිබේ.
මෙරට උසාවියන්හි දිනපතාම පොදු මහ ජනතාව සැලකිය යුතු පිරිසක් ගැවසෙති. බෝහෝ උසාවිවල සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ තත්ත්වය ප්‍රශ්න ගතවේ. එබැවින් මෙවැනි ස්ථානයන් මෙම වයිරසය පැතිරීමටට තෝතැනි සපයයි.
ඊට අමතරව බන්ධනාගාරවල සිට රිමාන්ඩ් සිරකරුවන් උසාවි වලට රැගෙන ඒම තුළින් මෙම වයිරස පැතිරීමේ අවදානම වැඩි කරයි.
අප සංගමය ලබා ගත් විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව වයිරස මර්දනය කිරීම සඳහා සුදුසුම අවස්ථාව මෙය වේ.
මෙම වයිරස පැතිරීම පිළිබඳ බරපතල තත්ත්වය සැළකිල්ලට ගැනිමේ එය වැළැක්වීමේ කඩිනම් පියවර ගත යුතුව ඇත.
ඒ අනුව සියලුම උසාවි හෙට (17 ) සිට සිකුරාදා (20) දක්වා වසා දැමීම සිදු කළ යුතු බව අපගේ අදහසයි.
මේ පිළිබඳව අවසාන තීරණය අගවිනිසුරුතුමා සහ අධිකරණ සේවා කොමිසම සමඟ සාකච්ඡා කර මේ පිළිබඳව අවසාන තීරණයකට එළැඹෙන බවද නිතිඥ සංගමය වැඩිදුරටත් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි වහන එක හොඳයි. ඒ වගේම නීතිඥ සංගමය තම සාමාජික නීතිඥ මහතුන්ට.., මහත්මීන්ට කාරුණිකව උපදෙස් දෙන්න ඔය දින කීපයට ආදාල නඩු සඳහා සේවාදායකයින්ගෙන් ගාස්තු අය නොකරන ලෙස...
උසාවි ඇරලා තිබ්බා කියලා ඇති වැඩේ මොකක්ද? නඩුවක් අහන්නේ නැතිව නඩු කල් දාන එක විතරනේ කරන්නේ... දුප්පත් පොඩි හොරකම් කරපු මිනිස්සුන්ව හිරේට දාලා මහා පරිමාණ හොරකම් කරපු හිටපු ටයි, කෝට් ඇමතිවරුන්ව නිදහස් කරන එකනේ කරන්නේ. ඕකට උසාවියක් අවශ්‍යද? රටේ සල්ලි නාස්ති නොකර තරුණ බුද්ධිමත් අවංක නීතිඥවරුවරු පුහුණු කරලා විනිශ්චයකරුවන් ලෙස උසාවිවලට පත් කරන කම් ඔය උසාවි වහලා දාන එක රටටම යහපතක්...