IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත නව ගෙවතු වගා ඒකකයක්

මලිෂා ගුණවර්ධන

ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත නව ගෙවතු වගා ඒකකයක් හඳුන්වා දීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරිපත් වී තිබේ.

මෙම ගෙවතු වගා ඒකකය ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි වේ.

එලෙසම එය පොළොවෙහි ඉඩක් නොගන්නා අතර සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි - පලිබෝධ උවදුරු අවම කරගත හැකිය.

මෙම නව ගෙවතු වගා ඒකකය වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර තිබේ.

ඉහත නව ගෙවතු වගා ඒකකය වෘත්තියෙන් නිෂ්පාදන ඉංජිනේරුවරයකු වන චන්දිම ප්‍රසාද් මහතා විසින් සිය ගෙවත්ත තුළ සාර්ථකව අත්හදා බලා දැනටමත් තම නිවසට අවශ්‍ය එළවළු ප්‍රමාණය ලබා ගැනීමට සමත්ව සිටී.

එම ඒකකය මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් පසුව නාගරිකව වෙසෙන, කාර්යබහුල ජනතාවගේ ගෙවතු වගා අවශ්‍යතාවට සරිලන ක්‍රමවේදයක් බව චන්දිම ප්‍රසාද් මහතා පැවසිය.

ඒ අනුව පළමුව නාගරික මහල් නිවාස ඇතුළු අඩු ඉඩකඩක් සහිත නිවාස සඳහා මෙම ජංගම දුරකථන යෙදවුමක් මගින් පාලනය කළ හැකි ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත ගෙවතු වගා ඒකකය, අඩු වියදමකින් නිෂ්පාදනය කිරීම සඳහා ඉහත නව නිර්මාණකරු සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මේ වනවිටත් පර්යේෂණ සිදු කරමින් පවතී.

මොරටුව කටුබැද්ද පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී අද (11) මෙම නව ගෙවතු වගා ඒකකය මාධ්‍යයට හඳුන්වා දෙනු ලැබීය.

එහි දී අදහස් දැක්වූ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවසුවේ මෙම ජංගම දුරකථන යෙදවුමක් මගින් පාලනය කර හැකි ස්වයංක්‍රීය ජල සැයපුම් පද්ධතියක් සහිත ගෙවතු වගා ඒකකය වාණිජව නිපදවීමට අමතරව චන්දිම ප්‍රසාද් මහතා හඳුන්වා දී ඇති ජංගම දුරකථන යෙදවුමක් මගින් පාලනය කළ හැකි ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතිය වාණිජ වගාවන්, නාගරික අලංකරණ උද්‍යාන ආදිය සඳහා යොදා ගැනීමේ හැකියාව සොයා බලන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා තමාට උපදෙස් ලබා දී ඇති බවයි.



අදහස් (7)

ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත නව ගෙවතු වගා ඒකකයක්

Gemunu Sunday, 12 April 2020 01:41 AM

මෙම මිරිස් වගාව ගැන සොයන්න...

:       0       1

පුංචි පවුල Sunday, 12 April 2020 02:52 AM

මල් පෝච්චි හතරකට කරලා තියෙන ආයෝජනය අනුව මධ්‍යම පන්තියේ පවුලකට ලෙහෙසියෙන්ම ආයෝජනය කරලා මාසයක්ම එළවලු කන්න පුළුවන් මන් හිතන්නේ. අනිවාර්යයෙන්ම පුංචි පවුලකට 2500 ජීවත් වෙනවට වඩා හොදට මේ ගෙවත්තෙන් නිකම්ම යැපෙන්න පුළුවන්.

:       7       0

de silva berlin Sunday, 12 April 2020 04:30 AM

මේවා නව නිෂ්පාදන නොවේ. මේවා ඩොලර් 20-100 අතර මුදලකට වෙළඳපලේ විවිධ මාදිලි වලින් මිලට ගන්න පුළුවන්. විමල් විරවංශ දන්නේ නැති වුනාට මෙවැනි ජල සම්පාදන ක්‍රම ලෝකයේ බොහෝ රටවල කෘෂිකාර්මික කටයුතු , උද්‍යාන වලට , ගෙවතු වගාවට භාවිත කරනවා.

:       26       50

BamunuarachchiSunday, 12 April 2020 05:35 AM

විමල් වීරවංස කියන්නේ සජිත් වගේ සියල්ල දත් කෙනෙක් නොවෙයි... ඒ නිසයි වීරවංස මහතා හැකියාව සොයා බලන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා තමාට උපදෙස් ලබා දී තිබෙන්නේ.

:       0       1

තරිඳු Sunday, 12 April 2020 10:33 AM

රජිත (Berlin,Germany) නව මාදිලි වලින් කියක් ඔබේ නිවසේ තිබෙනවාද?ඔබ පෞද්ගලිකව මෙය පරිභෝජනය කර තිබෙනවා ද???දේශීය නිෂ්පාදන නොමැතිව සෑම දෙයක්ම පිටරටින් ගෙනෙන අපේ රට දේශපාලකයින් කොමිස් ගහන්න හදාගත්ත ක්‍රම මෙවැනි නිර්මාණ ඔස්සේ බිද වැටේ.මෙවැනි නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවේවා ! ලකබර නැවත ලෝකයේ බැබලේවා !

:       0       115

Gemunu Sunday, 12 April 2020 05:29 AM

මෙම මිරිස් පැළ වවන්නේ කෙසේදැයි පරීක්ෂා කළ යුතුයි.

:       0       1

de silva berlin Monday, 13 April 2020 03:57 AM

ඔව් ඉතින් වීරවංසලා හොඳට දන්නේ හොර පාස්පෝර්ට් හදන්න සහ ජංගම දුරකථන ගැන... ජල සම්පාදන තාක්ෂණය ගැන එයා දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1168 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site