(ඩයනා උදයංගනී)
වියදම් සහ ණය ගැනීම් සදහා වන පාර්ලිමේන්තුවේ අවසරය ඉකුත් අප්‍රේල් 30 දිනෙන් කල් ඉකුත් වී ඇති බැවින් දැනට සිදුවන රාජ්‍ය වියදම් දැරීම් සහ ණයට ගැනීම් නීත්‍යානුකූලද යන්න සොයාබලන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ සාමාජික හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා වෙත ලිපියක් භාර දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ආචාර්ය හර්ෂ ද සිල්වා, එස්.එම්.මරික්කාර්, සුජිත් සංජය පෙරේරා, චන්දිම ගමගේ, නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් මෙම ලිපියට අත්සන් තබා ඇත.
එම මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත ගොස් විගණකාධිපතිවරයා හමුවී මෙම ලිපිය භාර දී තිබේ.
එම ලිපිය පහත දැක්වේ.


COMMENTS
අනේ මෙයාලගේ බයිලා - ඕක අධිකරණයක අභියෝගයට ලක් නොකර විගණකාධිපතිට බලයක් තියෙනවාද ජනාධිපති නවත්වන්න?
ලිපි ලියලිය කාලය නාස්ති කරන්න එපා පෝස්ට්කාඩ් දාන්න. ටෙලිග්‍රෑම් එකක් ගැහුවත් කමක් නැහැ.
මීට පෙර ගැන මා නොදනිමි. එහෙත් පසුගිය වසර 5 තුලදී බැඳුම්කර වංචා වැනි දේවල් රටට හෙළි කිරීම මගින් රටට විශාල සේවයක් කළ ආයතනයක් ලෙස කීර්තිමත් නාමයක් දිනා ගත්තා.
ඔබලා කරන දෙය හරියට හරි... මොකද අපි ඔක්කොම රටක් වශයෙන් නීතිගරුක වෙන්න ඕනෑ. එහෙම නොවුණොත් අනාගත පරපුරට රටක් නැතිවෙනවා.
රජයේ සේවකයින්ට රාජකාරිය උගන්වන්නේ මෙයාලද? මෙයාලා කියපු විදියටද මෙතෙක් කල් විගණන නිලධාරීන් වැඩ කළේ?
හිටපු සහ නැවතත් දියවන්නාව පට්ටියට යන්න පොරකන මෙම අම්බරුවන් තමතමන් බලයේ ඉන්නකොට ඒ ඒ ආයතනවල ගිණුම් වාර්තා නිසිලෙස විගණනය කරාද කියලා පළමුව මහජනතාව දැනගැනුමට ඉදිරිපත් කරත් හොඳයි නේද?