IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සනත් ජයසූරියගෙන් ප‍්‍රජා සත්කාර රැසක්

(යොහාන් භාසුර)
 
‘කොරෝනා’ වයිරසයෙන් අවදානම් තත්ත්වයට පත්ව සිටින ශ‍්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පහසුකම්සැළසීමට ශ‍්‍රී ලංකා හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය මහතා කටයුතු කරමින් සිටියි.
 
සනත් ජයසූරිය මහතාගේ පෞද්ගලික ධනයෙන් කොළඹ මැනිං වෙළෙදපොළට නවීණ විෂවිජ හරණ කුටියක් ඒ මහතා විසින් පිරිනමන ලදී.
 
ජයසූරිය මහතා පසුගියදා කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ දුෂ්කරතාවට පත්ව සිටින පවුල් 100 කට පමණ වියළි ආහාර මල්ල බැගින් ප‍්‍රදානය කළේය.

මෙම ප‍්‍රජා සත්කාර පිළිබදව ‘ලංකාදීප’ කළ විමසුමේදී සනත් ජයසූරිය මහතා පැවසුවේ ‘කොරෝනා’ අවදානමෙන් දුෂ්කරතාවට පත්ව සිටින්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අත්පොළසන්නාදයකින් හෝ දිරිමත් කළ ජනතාව බවත් ඔවුන්ට මෙවැනි අවස්ථාවක පිහිටවීම හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙස තම යුතුකම බව හැගෙන නිසා තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.

”මම මේ කටයුතු කරන්නේ බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම`ග එක්වයි”
 
”ඒ මහතා කිව්වා මට්ටක්කුලිය ප‍්‍රදේශයේ ජනතාවට වියළි ආහාර අවශ්‍යයි කියලා. එතුමයි මායි ගිහින් ජනතාවට ඒවා දුන්නා. ඒ වගේම නවීණ විෂවිජ හරණ කුටිය අවශ්‍යතාව මැනිං වෙළෙ`දපොළට ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා මට කිව්වා මම එයත් ඉටු කළා” යැයි ජයසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.


 



අදහස් (2)

සනත් ජයසූරියගෙන් ප‍්‍රජා සත්කාර රැසක්

Raveendra Wednesday, 08 April 2020 09:40 AM

"කොරෝනා’ අවදානමෙන් දුෂ්කරතාවට පත්ව සිටින්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අත්පොළසන්නාදයකින් හෝ දිරිමත් කළ ජනතාව බවත් ඔවුන්ට මෙවැනි අවස්ථාවක පිහිටවීම හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙස තම යුතුකම බව හැගෙන නිසා තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි." යන වාක්‍ය ඉතාමත්ම වැදගත්ය. ඔබට යහපතක්ම වේවා !!!

:       0       42

Maduranga Wednesday, 08 April 2020 09:45 AM

බොහොම හොදයි. ඔබ වැනි තවත් ක්‍රිකට් තරු වලට මිනිසුන්ට මෙවැනි උදව් කිරීමට හැකිවේවා !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site