IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ශ්‍රී ලංකාවට ගැළපෙන ආර්ථිකයක් හදනවා’

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සමස්ත ලෝකයම මුහුණදී ඇති ආර්ථික හා සාමාජයීය තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට ගැළපෙන ආර්ථික ක්‍රමවේදයකට යොමු වීමට දැනටමත් සැලසුම්කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(06) පැවැසීය.

වයිරසයේ බලපෑම හේතුවෙන් මේ වනවිට පසුබෑමට ලක්ව ඇති ඇගළුම් සහ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එම උපදෙස් අනුව, අවස්ථාව ලද සැණින් රජය ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කොරෝනා පැතිරයාම සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව  රජය සහ සමගි ජන බලවේගය අතර අද ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (2)

‘ශ්‍රී ලංකාවට ගැළපෙන ආර්ථිකයක් හදනවා’

SAM GAMAGE Monday, 06 April 2020 01:16 PM

එය තමයි හොදම දේ... අපේ කෘෂිකර්මාන්ත දියුණු කලොත් රටේ අනෙක් ප්‍රශ්න හොදින් විසදා ගන්න අවස්ථාව නිකන්ම ලැබෙනවා.

:       0       0

දුටුගැමුණු Monday, 06 April 2020 06:51 PM

කොරෝනා වසංගතය ආශිර්වාදයක් ලෙස සලකා ජනතාව ගේ වෙනස් වී තිබෙන මනස මනාලෙස අවබෝධය කරගත් ශ්‍රි ලංකාවේ ජනාධිපතිතුමාට තිසරණ සරණයි... කාන්තාවන් කාලය කා දමන ටෙලි නාටක සියල්ලම නවතා දමන්න. බාර් සදහටම වසා දමන්න ජනාධිපතිතුමනි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site