(නිමන්ති රණසිංහ)
වැලිසර නාවික හමුදා කදවුරේ කොවිඞ් 19 වයිරසය පැතිරයාම වැලැක්වීම සදහා දුන් නිර්දේශ දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වසංගත රෝග විද්‍යාඥයින් සිව් දෙනකුගෙන් යුත් කමිටුවට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. වැලිසර සහ අනෙකුත් හමුදා කදවුරු ආශ්‍රිතව කොවිඩ් 19 වයිරසය පිළිබදව සොයා බැලීමට පත්කරන ලද වසංගත විද්‍යාඥයින් සිව් දෙනාගෙන් යුත් කමිටුව එම පරීක්ෂණවලින් පසු ලබා දුන් වාර්තාවෙන් පසු මෙම නිර්දේශ ලබාදුන් බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් ඉතා විශාල සංඛ්‍යාවක් සිටින බැවින්
කොරෝනා වයිරස් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දුරස්ථ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවත්, එසේ යැවීමෙන් පසු සෙබලූන් පිරිසක් ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
නේවාසිකව රාජකාරියේ යෙදී සිටින සහ බැරුක්කයන්හි සිටින පිරිසට ඒ ඒ ස්ථානයක්ට අනුව මෙන්ම එම ප‍්‍රදේශවල සංචරනය සම්පූර්ණයෙන් නැවැත්වීම සදහාත් නිර්දේශ ලබාදී ඇති බව සදහන් කළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, නාවික සෙබලූන් එම නිර්දේශ
ක්‍රියාත්මක කරනවා දැයි නිරීක්ෂණය කිරීම සඳහා වසංගත රෝග විශේෂඥයන් යොදවා ඇති බව ද කීය.
නාවික හමුවාවේ සිටින 600 කගෙන් යුත් ආසාදිතයින් ප‍්‍රමාණය පාලනය කර ගැනීම සඳහා නාවික හමුදා සෞඛ්‍ය අංශ මෙම ක්‍රියාවලිය දැඩිව ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, මෙරට බාහිර සමාජය තුළ කොවිඞ් 19 රෝගීන් වාර්තා වුයේ මීට දින 20කට පෙර බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඳවුරේ සිටින නැවියන්ගෙන් ඕනෙවට වඩා කණ්ඩායම් වශයෙන් අමතර වැඩගන්න බව ආරංචි වෙනවා... වැඩකට නැති වැඩ ඔවුන් හරහා කරගන්නවා. මෙය යම්තාක් දුරට වැඩවලට වඩා දඬුවම් වැඩ ලෙස සඳහන් වෙනවා...
මේක හරියට අශ්වයා ගියපසු ඉස්තාලය වසා දැමීම වැනි දෙයක්... ඒ අස්සෙත් අස්සයෝ පනිනවා. වෛද්‍යතුමාගේ සීමාවෙන් බාහිරව සිදුවන දෙයක් බව සෞඛ්‍ය සේවය නිරත වන පිරිස් වලට දැනෙනවා.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට ඉහළින් තව බලවත් හස්ත තිබෙන බව පේනවා...