කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ස්වයං - විනය සහ අධිෂ්ඨානය අවශ්‍ය බව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින විශේෂ ප්‍රකාශයක් කරමින් කීවාය.
දෙවැනි එළිසබෙත් රැජින රට අමතන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර බ්‍රිතාන්‍ය ජනතාව මුහුණ දෙන දුක, ශෝකය, වේදනාව මෙන්ම මූල්‍ය දුෂ්කරතා සම්බන්ධයෙන් ද අදහස් දැක්වූවාවය. කොරෝනා වයිරසය සියල්ල කඩාකප්පල් කර ඇතැයි ද ඇය එහිදි කීවාය.
ජාතික සෞඛ්‍ය සේවයේ කාර්යමණ්ඩලය , වෛද්‍යවරුන්, හෙදියන්, ඉදිරි පෙළ සිටින සේවක සේවිකාවන් යනාදී මේ මොහොතේ රාජකාරියේ නිරත හා කොරෝනා වයිරසයට එරෙහිව සියලු දෙනාට කෘතඥ වූ මහරැජින සෑම පුද්ගලයකුට පැවරුණු වැදගත් වගකීමක් හා කාර්යභාරයක් තිබෙන බව ද ප්‍රකාශ කළාය.
‘‘මෙම කාලය ඉතාමත් අභියෝගාත්මක කාලයක්’’ යැයි ද මහරැජින කීවාය.
බ්‍රිතාන්‍ය මහරැජිනගේ විශේෂ මේ වනවිට පටිගත කර ඇති බවත් රූපවාහිනි හා ගුවන්විදුලි නාලිකා සහ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිත බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇගේ ප්‍රකාශය අද (5) බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 8ට විකාශ කිරීමට නියමිතව තිබිණි.
‘‘අපි මේ වයිරසයට ප්‍රතිචාර දක්වපු ආකාරය ගැන අනාගතයේදී අපට ආඩම්බර විය හැකි’’ යැයි ද ඇය කීවාය.
‘‘අපට පස්සේ එන අය, බ්‍රිතාන්‍යයේ වත්මන් පරම්පරාව කොතරම් ශක්තිමත්ව සිටියාද’’ යනුවෙන් අප ගැන කතා කරාවි යැයි ද මහරැජින පැවසුවාය.
පෞද්ගලික ආරක්ෂිත උපකරණ පැළැඳී එක් කැමරාකරුවකු බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහරැජිනගේ විශේෂ ප්‍රකාශය පටිගත කළ අතර තාක්ෂණික කණ්ඩායම වෙනත් කාමරයක සිට අදාළ කටයුතුවල නිරත වූහ.
බී.බී.සී. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ශක්තියක්ද පස්ස බිම ඇනිලා, අපේ ලංකාව කුඩා දුප්පත් රටක් වුනත් කොරෝන මර්ධනය අතින් කොතරම් ඉදිරියෙන් ඉන්නවද ? එංගලන්තේ සෞඛ්‍ය සේවය කලාපයේ අනිකුත් රටවල් එක්ක සංසංදනය කරනකොට තිබෙන්නේ කොතරම් පසුපසින්ද ?
"නොහැක්කක් නොමැත "කමල් ආර්ථිකය අතින් අපි ඉන්නේ එංගලන්තෙට වැඩිය පසු පසින් , අපි ආර්ථික අතින් පසුපසින් ඉඳගෙනත් තිබෙන අඩු සම්පත් භාවිත කරමින් කොරෝන සටන් බිමේ එංගලන්තෙට වැඩිය හොඳට සටන් කරන එක සහ අපේ නොපසුබට උත්සාහය ගැනත් අපි අපි ගැනම ධනාත්මක තක්සේරුවකට ඇවිත් උසස් මානසිකත්වයකින් ඉන්න එක අවත්ක්ෂේරු කරන්න එපා. සමහරවිට එකවර කොරෝන රෝගීන් 100000 විතර ඇතිවෙලා අපේ උත්සාහය ඉදිරියේදී වතුරේ යන්න පුළුවන්... අපි පැරදුනත් පරදින්නේ සටනක් දීල බව හිතට අරන් කොන්ද කෙලින්තියන් ඉන්න ඕනේ , මේ කොරෝන වලදී දෙන ආකාරයේ සටනක් රටේ අල්ලසට , වංචාවට දුෂණයට විරුධව කලොත් , අවුරුදු 10 වැනි කාලයකදී එංගලන්තයට සමාන ආර්ථික දියුණුවක් ගන්න අපට පුළුවන් වේවි . අපටත් එංගලන්තෙන් ඉගෙන ගන්න දේවල් තිබෙනවා වගේම ඔවුන්ටත් අපගෙන් ඉගෙන ගන්න දෙයක් තිබෙනවා...