IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ව්‍යාජ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා නිරෝධායනයට

(ඩි.ජී.සුගතපාල සහ සිරි නිහාල් ගමගේ)
 
ස්වයං නිරෝධායනයට යොමුවි සිටි කාන්තාවකගේ නිවසට ගොස් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පෙනි සිටි සැකකරු රුපියල්  ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට නියෝග කර  සැකකරු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ අධික්ෂණය යටතේ දින 21ක් පෝද්දල තම නිවසේ නිරෝධායනය විය යුතු බවටද  බද්දේගම මහේස්ත්‍රාත්වරයා අද (18) නියම කළේය.
 
මෙසේ ඇප මත මුදා හැර නිරෝධායනය විමට නියෝග   කරනු ලැබුවේ අම්බලන්ගොඩ පොල්වත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ඉසින යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වන පෝද්දල කොහොඹනාදෙණිය පදිංචි පෝරඹ ගෙදර අමිල ජනිත් නමැති සැකකරුවෙකුටය.
 
කොළඹ රැකියාව කරන වඳුරඹ මැදකිඹියේ තරුණියක් ඇඳිරි නිතිය පැනවිම නිසා තම නිවසට පැමිණ සිටියදි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා  ඇය නිවස තුල දින 14ක් නිරෝධායනයට යොමුකර ඇත.
මේ අතර ඊයේ එම නිවසට පැමිණි සැකකරු තමා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා බව දන්වා  ගැටලු තිබේනම් දැනුම්දෙන ලෙස පවසා ඔහුගේ ජංගම දුර කතන අංකය සහ රුපියල් 2000ක්දි ඇයගේ හැඳුනුම්පතේ ඡායාරුපයක්ද ලබාගෙන පිටව ගොස් ඇත.
 
පසුව එම කාන්තාවට ඇතිවු සැකයක් නිසා නිරෝධායනයට යොමු කරන ලද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ දුර කතනයට කතාකර සිද්ධිය පවසා ඇත.
 
ඒ අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වඳුරඹ පොලිසියට දැනුම්දිමෙන් පසු අන් අයෙකු ලෙස පෙනි සිටිමේ චෝදනාව යටතේ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

ව්‍යාජ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 918 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site