(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින් 38,983 දෙනකුට අධික පිරිසක් ආපසු සිය රට බලා පැමිණීමට උත්සාහ දරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය රජයට දැනුම් දී ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය කැබිනට් මන්ඩලයට විශේෂ දැනුම්දීමක් කරමින් මෙම දැනුම්දීම කර තිබේ.
රටවල් 143 ක සිටින ශ්‍රී ලාංකිකයින් මෙලෙස යළි පැමිණීමට උත්සාහ දරමින් සිටින බවත්, ඉන් 27,854 දෙනකු එම රටවල සිටින සංක්‍රමණික ශ්‍රමිකයින් බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.
සිසු සිසුවියන් 3,078 දෙනකු, කෙටිකාලීන වීසා ලැබූවන් 4,040 දෙනකු, යැපෙන්නන් 3,527 දෙනකු, ද්විත්ව පුරවැසිභාවය හිමි 484 දෙනකු ද මේ අතර වන බව එම වාර්තාවෙන් දැනුම් දී තිබේ.
ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිට ඉකුත් සතිය වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 3,938 දෙනකු විදේශ රටවල් 15ක සිට මෙරටට ගෙන්වා ඇතැයි විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් පෙන්වා දී ඇත. එසේ ගෙන්වන ලද පිරිසෙන් වැඩි දෙනා සිසු සිසුවියන්, පුණුවට ගිය රජයේ නිලධාරීන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් බවද ඇමතිවරයා එම වාර්තාවෙන් දැනුම් දී ඇත.
චීනයේ වූහාන් පළාතේ සිට ගෙන්වූ සිසුන් 33 දෙනා සහ ඉන්දියාවේ වන්දනාවේ ගොස් සිට ගෙන්වූ 839 දෙනා මෙම පිරිසට ඇතුළත් නොවන බවද විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත.
මෙම පිරිස් නැවත පැමිණීම නිසා ඔවුන්ගේ රැකියාවලට හා අධ්‍යාපන කටයුතුවලට දිගුකාලීනව සිදුවිය හැකි බලපෑම පිළිබඳව ද අවධානය යොමු කරන්නැයි විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් හා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ද ඉල්ලීමක් කර ඇතැයි ඉල්ලීමක් කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වී තිබේ.
මේ අතර වෛද්‍ය ආධාර අවශ්‍ය අය සහ සානුකම්පිත හේතු මත මෙම පිරිසෙන් කොටසක් ගෙන්වීමට ජනාධිපතිවරයාගේ ද උපදෙස් මත කටයුතු යොදා ඇති බවත්, ඉදිරියට ද ඒ ආකාරයෙන් කටයුතු කරන බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් ගතවූ 39,000 ක් ආපසු එන්න සූදානමින්
CHANDIMA Tuesday, 26 May 2020 04:00 PM
එනවෝ... එනවෝ.. කියකියා ඉන්නේ නැතුව අර ප්‍රේමදාස මහත්තයා රද්දොළුගම පැත්තේ හැදුවා වගේ නිවාස සංකීර්ණයක්වත් හැදුවා නම් ඒ එන පිරිසට සල්ලි වලට අරගන්න පුළුවන් වෙන්න...
Anura Gunawardane Tuesday, 26 May 2020 04:16 PM
පිටරට සිට පැමිණෙන සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යැවීම ප්‍රායෝගික නොවේ.. හොඳම දේ නම් ගුවන් තොටුපලේ " PCR පරීක්ෂණය කොට නිවෙස්වලට යැවීමයි. නිවසේ සිට ස්වයන් නිරෝධායනය වීමට...
lalithm Tuesday, 26 May 2020 05:39 PM
කොහොම වුනත් ලංකාව දමලා යනකොට තිබ්බ රෙස්පට් නිකම් පුස්පාට් මේ වෙලේ නැතිව ඇති. අම්මත්, මව්බිමත් දෙකම එක වගේ. කොයිතරම් වැරදි කළත් අම්මට දරුවෝ වටිනවනේ.. !!!
de silva Tuesday, 26 May 2020 08:55 PM
අපේ රටේ පුරවැසියන් අනිවාර්යයෙන් ගෙන්වා ගන්න ඕනේ... ඒක ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක්...