(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වයිරසය පැතිර යාමත් සමග විදෙස් ගතව සිට මෑතකදි මෙරටට පැමිණ වතුකරයේ රැඳී සිටින පුද්ගලයින් 76 දෙනෙකු ස්වයං නිරොධානයකට යොමු කර ඇත.
හැටන් , බගවන්තලාව , නොර්වුඩ් , මස්කෙලිය , නල්ලතන්නිය , ගිනිගත්හේන , දිඹුල පතන , නොටන්බ්‍රිජ් , වටවල යන පොලිස් බල ප්‍රදේශවල එම පුද්ගලයින් 76 දෙනා ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
එම පුද්ගලයන් ස්වයං නිරොධානයේ යෙදෙනවාද යන්න මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු අද(21) ඔවුන් පදිංචි නිවාසවලට ගොස් අධීක්ෂණය කළහ.
හැටන් ප්‍රදේශයේ නවාතැන්පලවල්වලට පැමිණ සිටි හොංකොන් ජාතිකයන් දෙදෙනෙකුද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක් කෙරුණු අතර එම විදේශියන් දෙදෙනා 18 දින දිවයිනට පැමිණි ඇති බවට අනාවරණය විය.
එම විදේශිකයන් දෙදෙනාට දින 14 යන තෙක් ස්වයං නිරොධානයකට යොමු වන ලෙසට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු උපදෙස් දුන්හ.
හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් එම පොලිස් ස්ථාන නවයේම පදිංචි 76 දෙනාට ස්වයං නිරෝධානයේ යෙදෙනෙ ලෙස හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ(20) දින නියෝගයක්ද නිකුත් කර ඇත.
ඇදිරි නිතිය ප්‍රකාශයට පත් කිමත් සමග කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිටි විශාල පිරිසක් (20) දින වතුකරයේ ඔහුන් පදිංචි නිවාස වලට පැමිණි අතර , වතුකරයේ කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ දැඩි අවධානම තවදුරටත් පවතින බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරු පෙන්වා දුන්හ.

2025 දෙසැම්බර් මස 18
624
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුකරයේ 76ක් ස්වයං නිරොධානයට
Vajira Saturday, 21 March 2020 10:08 AM
18 වෙනිදා හොන්කොන් වලින් දෙන්නෙක් මෙහෙට ආවේ කොහොමද? නිතිය හරියට ක්‍රියාත්මක වෙනවාද සැකයි. හොන්කොන් කියන්නේ කොරෝනා මුලින්ම පැතුරුණු රටක්.