IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පනස් ලක්ෂය ඉක්මවයි

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (21) පනස් ලක්ෂය ඉක්මවා ගියේය.

ලොවපුරා රටවල් සහ පරිපාලන ප්‍රදේශ 220කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (21) පස්වරු 5 වනවිට ආසාදිතයන් 50,14,943 දෙනකු වාර්තා වී තිබිණි. ඉන් 13,25,826 දෙනෙක් සුවය ලබා සිටියහ.

ලොවපුරා කොරෝනා ආසාදිත මරණ ගණන 3,28,462ක් විය. වයිසරය ව්‍යාප්ත වී ගොස් තිබෙන රටවල් හා පරිපාලන ප්‍රදේශ 220න් මරණ වාර්තා වන්නේ 184කින් පමණක් යැයි ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

වැඩිම ආසාදිතයන්ගේ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 15,57,727ක් වන අතර එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 93,313කි. රුසියාවෙන් ආසාදිතයන් 3,08,705ක් ද මරණ 2,972ක් ද වාර්තා වේ. බ්‍රසීලයෙන් ආසාදිතයන් 2,91,579ක් ද මරණ 18,859ක් ද වාර්තා වේ.

අසල්වැසි ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 1,06,750ක් ද මරණ 3,303ක් ද වාර්තා වන අතර පාකිස්තානයෙන් ආසාදිතයන් 45,898ක් සහ මරණ 985ක් වාර්තා වේ. බංග්ලාදේශයෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් 26,738ක් හඳුනාගෙන ඇති අතර එරට 386 දෙනකුට වයිරසය හේතුවෙන් ජීවිත අහිමි වී ඇත.

සිංගප්පූරුවෙන් අද පස්වරු වනවිට කොරෝනා ආසාදිතයන් 29,364 දෙනකු වාර්තා වූ අතර කොරෝනා ආසාදිත මරණ 22ක් වාර්තා විය.

ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (0)

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පනස් ලක්ෂය ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site