( දිල්රුක්ෂි ග්‍රේරු)
ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායන වලින් ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ අනුව කොළඹ පිහිටි මධ්‍යම සායනය මගින් සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8 සිට මධ්‍යහ්න 12 දක්වා ඖෂධ නිකුත් කිරීම හා සේවා ලබා දීම සිදු කෙරේ.
තමන්ට නියමිත සායන සඳහා පැමිණිමට අපහසු පුද්ගලයින්ට එම අවස්ථාවේදී තමන්ට ළගම සායනික ස්ථානයට ගොස් ඖෂධ ලබාගත හැකි බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය කියයි.
දිවයිනපුරා පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායනවල දුරකතන අංක ආයතනයේ වෙබ් අඩවිය වන WWW.aidscontrol.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බවද අධ්‍යක්ෂකවරිය පවසන්නීය.
සායන සඳහා පැමිණෙන පුද්ගලයින්ට සිය ජංගම දුරකතනයට එවනු ලැබූ කෙටි පණිවිඩය පොලීසියට පෙන්වීමෙන් ඇදිරිනීතිය පවත්නා අවස්ථාවේදී ඇදිරිනිතී බලපත්‍රය ලෙස භාවිත කළ හැකිය.
රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් මෙම නිවේදනය මහජනතාවට නිකුත කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
2025 නොවැම්බර් මස 17
116
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
962
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2570
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලිංගාශ්‍රිත රෝග - ඒඩ්ස් මර්දන සායන ප්‍රතිකාර අඛණ්ඩව