(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පුත්තලම මූලික රෝහලින් කුරුණැගල රෝහලට යැවූ යුද හමුදා නිලධාරියාට කොරෝනා ආසාදනය වී  නොමැති බවත් අනික් පුද්ගලයා  ආසාදිතයකු  බවත්  වෛද්‍ය  පර්යේෂණ වලින් සනාථ කර ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි .
 
මෙසේ ආසාදිතයකු බව තහවුරු වි ඇත්තේ පුත්තලම කඩුමයන්කුලම් විදියේ පදිංචි 50 හැවිරිදි විවාහක මුස්ලිම් ජාතිකයකු බව කියයි.

ඔහු  ඉන්දුනිසියා හා තායිලන්තයේ සංචාරයක නිරත වි පසුගිය මාර්තු 17 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඇති බව කියයි .
 
පසුව ආගමික කටයුතු සදහා පුත්තලම නගරයේ දේවස්ථාන වලට සහභාගිවි ඇති බවද කියයි.
 
කෙසේ නමුත් ඔහු ( 27 ) දින පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසුව කුරූණැගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.
 
කෙසේ නමුත් මේ පුද්ගලයා සමග කුරුණැගල ශීක්ෂණ රෝහලට යැවු සැක සහිත අනෙක් රෝගීයා වු තබ්බෝව යුධ හමුදා කදවුරේ යුද හමුදා කෝප්‍රල් වරයා ආසාදිතයකු නොවන බවට හෙළිව තිබේ.