IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මැලේරියාවෙන් අවුරුද්දකදී මිය යන ගණනින් හතරෙන් තුනක් මාස හතරේදී කොරෝනා නිසා මරණයට

මැලේරියාවෙන් අවුරුද්දකදී මිය යන ගණනින් හතරෙන් තුනක් මාස හතරේදී කොරෝනා නිසා මිය ගිහින් 

නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් මාස හතරක් තුළ මියගිය ගණන මැලේරියාවෙන් වාර්ෂිකව මිය යන පිරිසෙන් හතරෙන් තුනකට සමාන යැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
 
 
මැලේරියාව යනු ලොව තිබෙන මාරාන්තිකම බෝවෙන රෝගවලින් එකකි. මැලේරියාව හේතුවෙන් 2017 වසරේදී ලොවපුරා මරණ 4,35,000ක් සිදුව ඇතැයි ද 2018 වසරේදී මරණ 4,05,000ක් සිදුව ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරයි.
 
කොරෝනා වයිරසය හේතුවෙන් අද (15) පස්වරු 4 වනවිට ලොව නන්දෙසින් මරණ 3,01,112ක් වාර්තා වූයේ යැයි ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
එම සමස්ත මරණ ගණනින් හතරෙන් එකක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
 
සමස්ත ‘කොවිඩ්-19’ ආසාදිත මරණ සංඛ්‍යාවෙන් සියයට 10-11ත් අතර ප්‍රමාණයක් එක්සත් රාජධානියෙන් සහ ඉතාලියෙන් වාර්තා වන අතර ප්‍රංශයෙන් සහ ස්පඤ්ඤයෙන් වාර්තා වන මරණ ගණන සමස්ත සංඛ්‍යාවෙන් සියයට 9කි.
 
කෙසේ නමුත් නව කොරෝනා වයිරසය හේතුවෙන් දැනට වාර්තා වන මරණ සහ ආසාදිතයන් ගණන 1918 වසරේ දී ලොවපුරා පැතිර ගිය ‘ස්පාඤ්ඤ උණට’ වඩා අඩු යැයි පැවසේ. ස්පාඤ්ඤ උණ ලොවපුරා මිලියන 500කට අධික පිරිසකට ආසාදනය වූ බවත් එම සංඛ්‍යාවෙන් සියයට 10ක් මරණයට පත්වූ බවත් පැවසේ.

 ඒ කෙසේ වෙතත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ආසාදනය වූ හෝ වයිරසය ආසාදනය වී මියගිය ගණන හෝ තවමත් නිශ්චිතව වාර්තා වන්නේ නැතැයි ද ඒ නිසා වසංගතයේ සත්‍ය බලපෑම කොතරම් දැයි තවමත් කිව නොහැකි යැයි ද මහජන සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
 
කොරෝනා ආසාදිත පළමු මරණය වාර්තා වූයේ ජනවාරි මස 10 වැනිදාය. පළමු මරණය වාර්තා වූයේ වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ යැයි සැක කෙරෙන චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ‘කොවිඩ්-19’ ආසාදිත පළමු මරණ 100,000 වාර්තා වීමට දින 91ක් ගත විය. දෙවැනි ලක්ෂය (200,000) වාර්තා වීමට දින 16ක් ගත වූ බවත් එතැන් සිට 300,000 දක්වා තෙවැනි ලක්ෂය වාර්තා වීමට ගත වී ඇත්තේ දින 19ක් බවත් රොයිටර්ස් පුවත් සේවය පෙන්වාදෙයි.
 
 රොයිටර්

(055)

 



අදහස් (2)

මැලේරියාවෙන් අවුරුද්දකදී මිය යන ගණනින් හතරෙන් තුනක් මාස හතරේදී කොරෝනා නිසා මරණයට

Rohana Friday, 15 May 2020 12:47 PM

මෙම කොරෝනා වසංගතය පරීක්ෂනාගාරයක උවමනාවෙන් හදාගත් වසංගතයක්....

:       0       5

chandima Friday, 15 May 2020 04:02 PM

ඒක ඒ තරම් කලබලේ වෙන්න දෙයක් නෙමෙයි, ඒ මැලේරියාවෙන්, මේ කොරෝනා වලින්, මැලේරියාව අවුරුදු ගානක් තිබිල බෙහෙත් හොයගෙනත් ඉවරයි... කොරෝනා ඇවිත් මාස කිහිපයයි, තවම හරියට ලෙඩේ රෝගලක්සන හොයගෙනත් නැහැ, ඔය වගේ තමයි ඩෙංගු වලින්, වසුරියෙන්, කොළරාවෙන් වෙන වෙන ගණන් මැරෙනවා. ඔය කියන මැලේරියාවෙනුත් එක්තරා කාලෙක මේවගේම මැරෙන්න ඇති. බෙහෙතක් හොයන්න ඔයාටත් බැහැ, මටත් බැහැ. කාලයාගේ ඇවෑමෙන් හොයාගනිවී. ඒක අමතක කරලා වැඩට බහිමු. මම නම් මේ මුළු කොරෝනා කාලෙමත් වැඩ කළා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site