(අජන්ත කුමාර අගලකඩ)
මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දින වකවානු තීරණය කරනු ලබන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් බව ද ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ අද පැවැති කැබිනට් රැස්වීමේදී සඳහන් කර ඇත.
කොරෝනා වයිරසය පැතිරීයාමත් සමග රට තුළ ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වයිරසය පැතිරීයාමත් සමග රට තුළ ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය හේතුවෙන් මැතිවරණය වසරකින් කල්දැමීමට කටයුතු කෙරෙනු ඇත. ජනතවගේ ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තු යනවාට වඩා රටේ ජනතව වර්තමානයේ මුහුණදී තිබෙනාවූ ගැටළු සදහා පිළිතුරු ලබාදීමට රජය කටයුතු කලයුතුවේ.
ඔය මැතිවරණයක් ගැන කතා කරන්න කාලය නාස්ති කරන්න එපා. මේ විපතෙන් රටේ ජනතාව බේරා ගැනීමට ඔබතුමා ගන්න ක්‍රියා මාර්ග පිළිබඳව කාලය යොදවන්න. මැතිවරණයෙන් කිසිදු පලක් නැහැ. තව අවුරුදු 05 ට මැතිවරණය කල් දමන්න. 225 ට ගෙවන නාස්තිකාර මුදල් රටේ ජනතාව වෙනුවෙන් යොදවන්න.
ජනාධිපතිතුමනි, මහමැතිවරණය පිලිබඳව මේ දිනවල හිතන්නවත් එපා. රටේ වාසනාවටයි පාර්ලිමේන්තුව මේ දිනවල විසුරුවා තිබෙන්නේ. ඔබතුමාගේ තීරණ ක්‍රියාත්මක කරන්න. ඇතැම් සුළු පිරිසක් තැන තැන වල්පල් දොඩාවි. ඒ ගැන නොසිතන්න. මැතිවරණය අවුරුදු 5 ක් කල් යනවා නම් රටට හොඳයි. ඔබතුමාට තෙරුවන් සරණයි .