(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ල හෙම්මාතගම සිංහරාජගම ගම්මානයේ වතු අධිකාරිවරයෙකුවරයෙකුට අයත් නිවසකට මාතර ප‍්‍රදේශයේ පිරිසක් පසුගිය ඇදීරිනිතී කාල සීමාවේ පැමිණිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (09) උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
එය සමතයකට පත් කිරීමට සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන් සහ පොලිසියටද එම ස්ථානයට පැමිණීමට සිදුවිය.
වෙනත් ප‍්‍රදේශයක සිට පැමිණ මෙම නිවසේ සිටින පිරිස නිරෝධායන මධ්‍යස්ථානයකට යවන ලෙස අල්පිටිය සහ සිංහරාජගම ප‍්‍රදේශවල ස්වාමින් වහන්සේලා හා ප‍්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
එම පිරිස නිරන්තරයෙන් ගම්මානයේ සැරි සරන බවත් වෙළඳ සැල් වලට යන බවත් ගම්මානයේ වැඩි පිරිසක් බීමට මෙන්ම වෙනත් කටයුතු වලට ජලය ගන්නා සහ දිය නෑමට භාවිතා කරන බඹරගහ ඇල මාර්ගය මෙම පිරිස භාවිතයට ගන්නා බවත් වසංගත තත්වයක් මෙම පිරිසට තිබුණහොත් එය ගම්මානය පුරාම පැතිර යාමට ඇති ඉඩකඩ වැඩි බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කළහ.
ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා විසින් පසුව මාවනැල්ල ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රියංගනි පෙතන්ගොඩ මහත්මියට, හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක සිල්වා මහතාට සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට දුරකථනයෙන් කතා කර මේ බව දැනුම් දී තිබේ
මෙම නිවස්නේ රැඳී සිටින පිරිස අපේ‍්‍රල් 8 වැනි දින සවස වගකිය යුතු අංශ දැනුවත් කිරිමෙන් පසුව එම නිවසේම දින 14 ක් නිරෝධායනයට ලක් කර ඇති බව එම නිලධාරීන් විසින් සඳහන් කර ඇත.



COMMENTS
ඔවුන් ඇඳිරි නීතිය තිබියදී මාතර සිට පැමිණියේ කෙසේද ?
අවංක නිලදාරින් ඉන්නවා...
නියමයි ! මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේගොල්ලන්ට නිවාඩුව? දවස් 14 ක් හිටපල්ලාකෝ නිවාඩු පාඩුවේ. ගෙදර අම්ම, අප්පා, බිරින්දෑ උයලා පිහලා දෙනදේකාලා වෙනදේ බලාගෙන ඉන්නේ නැතිව....
කොහොමද ඇඳිරි නීතිය වෙලාවේ මාතර ඉඳලා මාවනැල්ලට ගියේ ? කොහොමද ඒ කරපු වරදට රජයක් හැටියට කරපු දඬුවම මොකක්ද ආරක්ෂක අංශ වලින් රිංගලා යන්න තරම් මේ අය දක්ෂයි කියලා කියන්නේ ආරක්ෂක අංශ දුර්වලයි කියන එක නේද ? එහෙම නැත්නම් කාගේ හරි බලයක් අරගෙන ගියා වෙන්න පුළුවන්. ඒක එහෙමනම් නීතිය විවිධාකාරයෙන් විවිධ පුද්ගලයන්ට ක්‍රියාත්මක වෙනවා. Published Comment