IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


’මුඛ ආවරණ අත්‍යවශ්‍ය නැහැ’

(සිරංගිකා ලොකුකරවිට)

 කොවිඩ් - 19 පැතිරෙන්නේ සමීපවන්නන් අතර බැවින් හා එහි සමාජයීය පැතිරීමක් තවමත් දක්නට නොමැති බැවින් මුඛ ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය නොවන බවත් ඇතැම් ස්ථාන වලට මුණ ආවරණ නොමැති පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කිරීම වැරදි ක්‍රියාවක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
 
ඒ මහතා‍ මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කළ උපදෙස් ඇතුළත් වීඩියෝ වැඩසටහනකට එක්වෙමිනි.
 
ඇතැම් කාර්යාලවල සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවිසැල්වල පවා මුඛ ආවරණ නොමැතිව ඇතුළු නොවන ලෙස පුවරු සවිකර තිබුණු බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මුඛ ආවරණයක් පළඳින්නේ නම් එසේ නොකළ යුතුයැයි තමන් නොකියන බවයි. නමුත් මුඛ ආවරණ පැළඳ සිටින පුද්ගලයන් ඇතැම් අවස්ථාවල දී තමන් අනුගමනය කළ යුතු දේ අමතක කර නොකළ යුතු දේ කරන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. 
 
"ශ්‍රී ලංකාවේ තවමත් සමාජයීය වශයෙන් කොවිඩ් වෛරසයේ පැතිරීමක් නොමැති බැවින් මුඛ පළඳනා පැතිරීම අනවශ්‍ය බව අපි ප්‍රකාශ කරනවා. නමුත් මෙවැනි පැතිරීමක් තිබෙනම් ඒවා පැළඳීම අවශ්‍යනම් බවත් අපි ප්‍රකාශ කරනවා. මුඛ ආවරණ අනවශ්‍ය මේ වගේ වෙලාවක පැළඳීම, ඒවා ඇත්තටම අවශ්‍ය වෙන වෙලාවට මුඛ පළඳනා නැති වීමට හේතු‍ විය හැකියි. මුඛ පළඳනා අත්‍යාවශ්‍යම වෙලාවක් ආවොත් අපි ඒ ගැන දැනුම් දෙන්නම්. පාරිභෝගික ආයතන, බැංකු කාර්යාලවල මෙසේ මුඛ ආවරණ නොමැතිනම් පුරවැසියන් ඇතුලට ගැනීමෙන් වැළකී සිටීම වැරදි දෙයක් බව කිව යුතුයි. ඒ ඒ ආයතනවලින් සංවිධානයවී සමාජයීය දුරස්ථ බවක් ඇතිකරගැනීමේ වැඩපිළිවෙලක් සංවිධානය කළ යුතුයි. ජනතාව ඇඳිරිනීතිය අවසන් වූ වහාම වෙළෙඳපොල්වලට යනවා. ඔබට ජනතාවට අවශ්‍යකරන පාරිභෝගික ද්‍රව්‍ය මලු සහ පෙට්ටිවලට සකස් කරලා ඒවා ප්‍රදර්ශනය කිරීමෙන් මෙය කළ හැකියි. සමාජ දුරස්ථබව මගින් මෙය වැළැක්වීමට කටයුතු කළ යුතුයි."  යැයි ද අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
 



අදහස් (4)

’මුඛ ආවරණ අත්‍යවශ්‍ය නැහැ’

rana Tuesday, 24 March 2020 03:36 AM

මහත්තයෝ කුඩා දෙකින් හෝ තමන් සහ අනුන් ආරක්ෂාවීමට ඉඩ හරින්න. අයෙත් ලොකු වදන් වලින් අනාගන්න හදන්න එපා ! අන්තිමේදී මට මතක නැහැ කියන්න ඉඩ තියාගන්න එපා !

:       48       67

දෙනෙත් Tuesday, 24 March 2020 03:42 AM

අර නාරම්මල ටවුන් එකේ මාස්ක් දාපු නැති අයව එලෙව්ව පොලීසියේ මහත්තයාට මොකද කරන්නේ?

:       2       49

Akila Tuesday, 24 March 2020 05:03 AM

කරුණාකරලා මෙයාව ඔය නිවේදන දෙන එකෙන් අයින් කරන්න. නිවෙස්තුල පැතිරීමෙන් පසුව සමාජ තුල පැතිරීමට යන්නේ සුලුවෙලාවයි , එතකොට මින්නිසු මෙයා කියන කන් බලන්න ඉන්න ඕනෙද මුඛ ආවරණ දාන්න ?

:       0       6

wimal Tuesday, 24 March 2020 05:30 AM

අනිල් ජාසිංහ මහත්තයා මේවා කට ඇරලා කියන්න ඔය මහලොකු ආරක්ෂකයින්ට හා නිලධාරින්ට, මම දැක්කා මේ රටේ අරක්සකයෝ අහිංසක මිනිස්සුන්ට මුඛ ආවරණය පැළදගෙන නැතිය කියලා සලකන සැලකිලල්. මුඛ ආවරණ පැළදිය යුත්තේ කවුරුන්ද කියලා ලෝක සෞක්‍ය සංවිධානය සහ මෙ රටේ ප්‍රවීන වෛද්‍යවරු ඔවුන්ගේ අදහස් සහ මත පලකරනවා. මම දැක්කා ලංකාවේ එක වෛද්‍යවරයෙක් මුඛ ආවරණය පිළිබඳව සහ එය පැළදිය යුත්තේ කවුරුන්ද කියලා ඔහුගේ අදහස් සහ දැනුම ලබා දෙනවා, මම දැක්කා එ වෛද්‍යවරයාගේ දැනුවත් කිරීමේ වැඩමුළුවට මහා ලොකු ආරක්ෂකෙයාත් නිලධාරිත් සහභාගිවෙලා හිටියා. කණගාටුවට කරුණ තමයි , මේවා දැක්කම හිතෙනවා ලංකවෙ ඉන්නේ මිනිස්සුද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1130 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site