IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


භික්ෂූන් වහන්සේලාට දානය - ගිලන්පස

(දිල්රුක්ෂි ග්‍රේරු)
 
දිවයින පුරා  විහාරස්ථානයන්හි  දිනපතා දානය හා ගිලන්පස නොලැබෙන භික්ෂුන්  වහන්සේලාට දානය ලබා දීම සඳහා  බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සංවිධානය කර තිබේ.
 
කොරෝනා වයිරසය පැතිර යාම සමඟ රටේ  පවතින තත්ත්වයේදී භික්ෂුන් වහන්සේලාගේ පහසුව වෙනුවෙන් මෙය ක්‍රියාත්මක කෙරේ.
 
මෙම වැඩසටහන  දිස්ත්‍රික් ලේකම්වරුවන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්  මගින්  දිස්ත්‍රික් හා ප්‍රාදේශිය  ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී  භික්ෂුන් වහන්සේලා සම්බන්ධිකරණයෙන්  මගින් සිදු කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.


අගමැති හා බුද්ධ ශාසන අමාත්‍ය සංස්කෘතික ආමික කටයුතු මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙය සිදු කෙරේ.
 
සංමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය මගින්  මෙම පිංකම සඳහා ලේක්වීව් ලංකා බැංකු ශාඛාවේ  81204920 නමින් ගිණුමක් අරඹා තිබේ.
 
මේ සඳහා පරිත්‍යාග ශිලින්ට දායක විය හැකි බව සමස්තලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමියෝ  කියති.  071-2642951 / 071-4422006 දුරකතන අංක වලින් වැඩි විසතර ලබා ගත හැක
 
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කළ නිවේදනයකින් මෙම තොරතුරු දැනුම් දී තිබේ.



අදහස් (0)

භික්ෂූන් වහන්සේලාට දානය - ගිලන්පස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site