විනීතා එම් ගමගේ

රාජකාරි සදහා වාර්තා කරන වැඩකරන ජනතාවට ප‍්‍රවාහන පහසුකම් සැපයීම සදහා බස්රථ 5000 කට ආසන්න ප‍්‍රමාණයක් හෙට (11) සිට ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කියයි.

දුරගමන් සේවා බස්රථ  හැර අනෙක් බස්රථ සියල්ල හෙට ධාවනයට යොමු කල බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ලංකාදීපයට පැවැසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව ක‍්‍රියාත්මක වෙමින් බස්රථ ධාවනයේ යොදවන බවත් මුඛ ආවරණ පැළදීම මෙන්ම සමාජ දුරස්ථභාවය තබාගෙන ගමන් කිරීමත් සිදුකරන ලෙසත් මගීන්ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.