IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


බස්වල යායුතු හැටි විශ්ෂඥයෝ කියති

(විනීතා එම් ගමගේ)
 
බස්රථයක ගමන් කරන කොවිඞ් 19 ආසාදිතයෙක් වෙතින් පිටවන කිවිසුමක් තුළින් සමස්ත බස්රථයේම මගීන් වෙත බලපෑමක් එල්ල විය හැකි යැයි ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ විද්වතුන් පෙන්වා දෙති.
 
වීදුරු විවෘත කර ගමන් කරන බස්රථයක මේ තත්ත්වය ඇතිවිය හැකි අතර වීදුරු තුළින් බස් රථයට ඇතුල්වන වායු දහරා පුසපසට ගොස් සුළිියක් සේ කැරකෙමින් යලි ඉදිරියට ද එන බව ඔවුහු පෙන්වාදී තිබේ.
 
බස්රථයක රියැදුරු අසුන ආවරණය වී ඇති බැවින් වඩාත්ම ආරක්ෂීත පුද්ගලයා රියැදුරු බවත් කොන්දොස්තරවරයා වඩාත් අනාරක්ෂිත තැනැත්තා බවත් එම විද්වතුන් පෙන්වා දුන් බව ප‍්‍රවාහන සේවා අමාත්‍යංශය කියයි.
 
මේ නිසා බස්රථ තුළ ආසන ගණනට මගින් ගෙන ගිය ද සෑඹ මගියෙක්ම මුව ආවරණ පැළද සිටීම මෙන්ම විෂබීජ නාශක මගින් අත් පිරිසිදු කර ගැනීම ද අතිශයින් වැදගත් යැයි ද බස්රථ තුළ සිටගෙන යාම ඉතාමත්ම අනාරක්ෂිත බව ද ඔවුන් පෙන්වා දී තිබේ.
 
බස්රථ තුළ මගීන් ගෙනයාමේ දී කොවිඞ් වයිරසයෙන් ආරක්ෂා වීම හා එයින් සිදුවිය හැකි බලපෑම පිළිබද විද්‍යාත්මක කරුණු ඇසුරින් පැහැදිලි කිරීමක් කරන්නැයි ප‍්‍රවාහනඅමාත්‍යංශය කළ ඉල්ලීමක් අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් ප‍්‍රවාහන සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාරදුන් වාර්තාවක මෙම තොරතුරු සදහන් වී ඇත.

මේ නිසා සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් පරිදි ප‍්‍රවාහන සේවා කටයුතු කිරීම අතිශයින් වැදගත් වන බව පෙන්වා දෙන ප‍්‍රවාහන අමාත්‍යංශය මහජනතාව වැඩිපුර ගැවසෙන පෙදෙස්වල වැඩිපුර අමතර බස් යෙදවීමටත් ආසන ගණණට මගීන් ගෙන යන්නට ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දී ඇති උපදෙස් අමාත්‍යංශය තදින්ම ක‍්‍රියාත්මක කරන බව ද කියයි. 

මේ නිසා සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් පරිදි ප‍්‍රවාහන සේවා කටයුතු කිරීම අතිශයින් වැදගත් වන බව පෙන්වා දෙන ප‍්‍රවාහන අමාත්‍යංශය මහජනතාව වැඩිපුර ගැවසෙන පෙදෙස්වල වැඩිපුර අමතර බස් යෙදවීමටත් ආසන ගණණට මගීන් ගෙන යන්නට ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දී ඇති උපදෙස් අමාත්‍යංශය තදින්ම ක‍්‍රියාත්මක කරන බව ද කියයි.  

 



අදහස් (7)

බස්වල යායුතු හැටි විශ්ෂඥයෝ කියති

chandima Thursday, 14 May 2020 01:10 PM

ඒත් ඔය විශේෂ ගැන විද්වත් මහත්වරු දිනපතා ඒසී කරපු කාර්වල වැඩට යන කට්ටිය නිසා මාස් මහන්න තියන අපහසුතා දන්නවද මන්දා?

:       67       3

SL Thursday, 14 May 2020 06:24 PM

නිදහස් අධ්‍යාපනය වැඩක් නැහැ කියල හිතෙන්නේ මේ වගේ පසුගාමී ප‍්‍රතිචාර දැක්කහම...

:       1       4

chandimaThursday, 14 May 2020 07:01 PM

පසුවෙලා හරි තේරුණු එක ලොකු දෙයක්නේ?

:       0       3

සඳුන් Thursday, 14 May 2020 02:20 PM

මේ විශේෂඥයින් කතානොකරන එකම දේ නම් අවම මීටරයක පරතරය. සීට් ගනනට මගීන් ගත්තම ලංකාවෙ බස් රථයක කොහොමද ඒක තියාගන්නෙ? දැන් ඇමතිතුමා කියයි අපි විශේෂඥ උපදෙසුත් ගත්තයි කියලා.

:       0       6

ranjith Thursday, 14 May 2020 10:55 PM

කාර්යාල බස්වල පවා පැරණි විදිහට වැඩිපුර පුරවාගෙන යනවා. නැවත රෝගය පැතිරුණාම තමයි කාගෙත් ඇස් ඇරෙන්නේ...

:       0       0

de silva Friday, 15 May 2020 02:11 AM

ජනතාවට පුළුවන් තම පුද්ගලික යතුරුපැදි . ත්‍රිරෝධ රථ, කාර් භාවිත කර සමාජ දුරස්ථභාවය රැකගෙන ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරගන්න , පුද්ගලික බස්රථ හිමියන්ටත් පුළුවන් ආසන ප්‍රමාණයට මගින් ගෙන යමින් මෙයට දායක වන්න, නමුත් අපි අසාධාරණ දෙයක් රජයෙන් ඉල්ලන්නේ නැහැ, කරුණාකර ලෝක වෙළදපලේ තෙල් මිල පහල යෑමෙන් ඇතිවූ වාසිය ජනතාවට දෙන්න.

:       0       0

Rohana Friday, 15 May 2020 04:46 AM

පොල් පටවන්නාසේ මගීන් පටවාගෙන අනාරක්ෂිතව බස් ධාවනය කරන අයට විරුද්ධව ඔන්න ස්වභාව ධර්මයෙන්ම දඬුවම් දීල තිබෙනවා. රජයෙන් මේකට විරුද්ධව නීති දැම්මම බස් සංගම් වර්ජන ක්‍රියා මාර්ග ගනිමින් එම නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩදුන්නේ නැහැ. දැන් වර්ජනය කරන්න වෙන්නේ කොරෝනවලට විරුද්ධවය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site