IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බොරු තොරතුරු දුන් සණස බැංකු සේවකයකුට ඇප

(නිමන්ති රණසිංහ)

පොල්ගහවෙල මහ රෝහලේ කොරෝනා රෝගියෙකු සිටින බවට සදහන් කරමින් මුහුණු පොත ඔස්සේ අසත්‍යයක් ප‍්‍රචාරය කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් එස්. ප‍්‍රභාකරන් මහතා අද (08) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ පොල්ගහවෙල සණස බැංකුවේ සේවය නියුතු ව සිටි සුමේධ ශි‍්‍රයාකාන්ත නැමැත්තාය.

පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අද (08) පෙරවරුවේදීය.

පොල්ගහවෙල රෝහලේ කොරෝනා වයිරසයෙන් ආසාදිත රෝගියෙකු ප‍්‍රතිකාර ලබන බවට සදහන් කරමින් මෙම සැකකරු සිය මුහුණු පොතේ පෝස්ටුවක් නිර්මාණය කර අසත්‍ය ප‍්‍රවෘත්තියක් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පොල්ගහවෙළ පොලීසියේ ස්ථානාධිපතිවරයා කළ පැමිණීල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්ත-ුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ සුදර්ශන වික‍්‍රමරත්න මහතා සදහන් කළේ තම සේවාදායකයාට එම තොරතුර රෝහලේ වෛද්‍යවරයකු සහ හෙදියක විසින් ලබාදුන් එකක් බවත් එය සමාජයේ දැනගැනීම සදහා සද්භාවයෙන් මුහුණුපොතට මුදා හැරි බවත්ය.


පසුව එය අසත්‍ය ප‍්‍රවෘත්තියක් බව දැනගත් පසු ඔහු එය සිය මුහුණු පොතෙන් ගලවා ඉවත් කර ගත් බවත් නිතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, මෙවන් වැරදි නැවත කිසිවිටකත් නොකරන ලෙසට සැකකරුට තරයේ අවවාද කර රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීය.

 



අදහස් (1)

බොරු තොරතුරු දුන් සණස බැංකු සේවකයකුට ඇප

dasthaa Wednesday, 08 April 2020 03:12 PM

ඉල්ලන් කනවා කියන්නේ මෙකට තමයි...

:       0       64

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site