IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බුද්ධි නිලධාරීන් යැයි කියමින් වාහන පරීක්ෂා කළ 2 ක් පොලිස් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

බුද්ධි අංශ නිලධාරීන් යැයි කියමින් මීගහතැන්න ගොරකා දූව පහේ කනුව ප්‍රදේශයේ දී වාහන පරීක්ෂාවේ යෙදී සිටි යුද හමුදා සෙබලෙකු  හා තවත් පුද්ගලයෙකු අද (18) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය පැවසීය.
 
සැකකාර හමුදා සෙබළා සන්තකේ හමුදාවෙන් නිකුත් කළ හැඳුනුම්පත් තුනක් , රුපියල් 20,000  මුදලක් ඇතුළු තවත් ලිපි ලේඛන රැසක් සොයා ගත් බව පොලිසිය කියයි.
 
ගොරකාදූව මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මීගහතැන්න පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් සමඟ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.
          
අත් අඩංගු ගත් යුද හමුදා සෙබලා කොම්පඤ්ඤ විදිය හමුදා කඳවුරේ රියදුරෙක් බවත් එහි සේවය කරන බිගේඩියර් වරයකුට අයත් නෙළුව ප්‍රදේශයේ වත්තක සේවය කරන බවත් අනෙක් සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් පොලිසිය සඳහන් කරයි.
 
සැකකරුවන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අදහස් (8)

බුද්ධි නිලධාරීන් යැයි කියමින් වාහන පරීක්ෂා කළ 2 ක් පොලිස් දැලේ

ඉන්දික Saturday, 18 April 2020 01:23 PM

“අත් අඩංගුවට ගත් යුද හමුදා සෙබලා කොම්පඤ්ඤ විදිය හමුදා කඳවුරේ රියදුරෙක් බවත් එහි සේවය කරන බිගේඩියර්වරයකුට අයත් නෙළුව ප්‍රදේශයේ වත්තක සේවය කරන බවත් ” මෙක ගොඩක් දේවල් කියනවා.

:       0       2

ravi Saturday, 18 April 2020 02:43 PM

ආ ඔය රණවිරුවෙක්...!!! රුපියල් 20000 අනිවාර්යයෙන්ම කාගෙන් හරි කොල්ලකාලා. එතනම වෙඩිතියන්නයි ඕනා. සමාජයට මුන් අවශ්‍ය නැහැ.

:       27       99

Saman Saturday, 18 April 2020 03:50 PM

බ‍්‍රිගේඩියර්වරයෙකුට අයත් වත්තක? කොරෝනා මඩිනවද? එල්.ටී.ටී.ඊ. කාරයෝ හොයනවද?

:       0       165

Siri Saturday, 18 April 2020 03:59 PM

හමුදා ලොක්කන් තමන්ගේ පුද්ගලික වතුපිටි, නිවාස, කඩසාප්පු ආදිය බලකියා ගන්නට තමන් යටතේ සිටින හමුදා සොල්දාදුවන් යොදාගැනීම රහසක් නොවේ. ජනපතිතුමනි...! මොවුන් ගැන සොයා බලනු මැනවි... !

:       0       237

rathindakaSaturday, 18 April 2020 05:34 PM

මම දන්නා විදිහට මෙය සිදුවන්නේ මේ රටේ පමණමයි. පෙන්ෂන් ගිය හමුදාවේ නිලධාරීන්ගේ ගෙවල්වල වැඩ කරන්න, බල්ලෝ නාවන්න, කඩේ යන්න මුරකරන්න සොල්දාදුවන් යොදාගැනීම මහත්ම ප්‍රශ්නයක්. මම මේ ගැන මගේ හිතවත් විදේශීය නාවික හමුදා නිලධාරියෙකුට කීවාම ඔහු ඔහුගේ මිතුරෙකුටත් මේ ගැනකියා මහා හඬින් සිනාසුනා. මෙවැනි දුෂණ නවත්වන්න රජයේ ඉහලම අයට බැරිද...?

:       1       261

athura Saturday, 18 April 2020 05:30 PM

මොකුත් කියන්න එපා වහල්ලුන්ට රිදෙයි.

:       3       55

tilan Saturday, 18 April 2020 10:55 PM

අපෙ රටේ සමහරු පොලිසියට පැමිනිලි කරන්න යන්නේ “මං අරයව අදුනනවා“, එයාගෙන් දැන් කොල් එකක් එයි. කියලා , කියාගෙන. පහල මට්ටමේ නිලධාරිනුත් අසරන වෙනවා. පැමිනිලි සාධාරණව විභාගවෙන්නේ නැහැ. කිසිම වරදක් නොකරන මිනිසුන්ට බලවත් අසාධාරණ වෙලා තියෙනවා.

:       0       24

PAT Sunday, 19 April 2020 05:46 AM

සිරි ඔබ ජනාධිපති තුමාට කියනවා මේ ගැන හොයන්න කියලා.. පොර හමුදාවේ ඉන්නකොටත් ඕවා කළා. හොරෙක් හොරු අල්ලන්නෙත් නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 22 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site