(ඩයනා උදයංගනී)
පාසල් ළමුන් ප‍්‍රවාහනය කිරීමේ වෑන් රථ සදහා අප්‍රේල්, මැයි මාස වෙනුවෙන් සම්පූර්ණ ගාස්තු අය නොකරන නමුත් ගාස්තුවෙන් අඩක් හෝ දෙමාපියන්ට හැකි පරිදි යම් මුදලක් අය කිරීමට තීරණය කර ඇතැයි පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගම් පවසයි.
මෙම මාසවල පාසල් නොපැවැත්වුණත් කිසිම මුදලක් අය නොකර සිටියහොත් තමන් දැඩි අපහසුතාවකට පත්වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත‍්‍රික් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ ලේකම් කමල් ඉලංගරත්න මහතා ලංකාදීපයට පැවසීය.
පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන්නන් නියෝජනය කරන සමස්ත ලංකා අන්තර් දිස්ත‍්‍රික් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ සහ සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමයේ නියෝජිතයින් ප‍්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග අද (12) සාකච්ඡාවක නිරත වූ අතර එහිදී මෙම තීරණය ගත් බව ද හෙතෙම කීවේය.
අප්‍රේල් මැයි මාසවල පාසල් නොපැවැත්වුණු නිසා ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ වෙනුවෙන් මුදල් අය නොකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්දී තිබුණද එසේ කිරීමෙන් පාසල් වෑන් රථ හිමියන්ට දැඩි ගැටලූවකට මුහුණදීමට සිදුවන බව ඔහු ස`දහන් කළේය.
වෑන් රථ හිමියන්ද ජීවත්වන්නේ මෙම ආදායමෙන් බැවිනුත්, එම ආදායම නොලැබුණහොත් රියදුරන්ගේ සහ සහායකයින්ගේ වැටුප් ගෙවීමට මෙන්ම එදිනෙදා වියදම් දරාගැනීමට වෙනත් ආදායමක් නොමැති විශාල පිරිසක් සිටින බවත් ඉලංගරත්න මහතා කීවේය.
එබැවින් අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කර මාසිකව අය කරන මුදලෙන් අඩක් හෝ ලබාගැනීමට තීරණය කළ බවද ඔහු පැවසීය.
පවතින තත්ත්වය හමුවේ එම මුදල් ගෙවීම අසීරු දෙමාපියන් වේ නම් ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිතව සිතා බැලීමට සූදානම් බව ද ඔහු කීවේය.
මාසය පුරා තමන්ගේ දරුවන් ආරක්‍ෂා කරමින් පාසල කරා රැගෙන ගොස් නැවත නිවෙස්වලට ගෙනැවිත් දෙන වෑන් රථ හිමියන් වෙනුවෙන් මෙම මාස දෙකෙහිද හැකි අයුරින් මුදලක් ලබාදෙන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව කී ඒ මහතා එසේ යම් ආදායමක් හෝ නොලැබුණහොත් තමන්ට දැඩි ගැටලූවකට මුහුණදීමට සිදුවන බව ද සදහන් කළේය.
සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා ද පැවසුවේ පවතින තත්ත්වය හමුවේ පාසල් වෑන් රථ හිමියන් හා රියදුරන් ද දැඩි ගැටලූවකට මුහුණ දී සිටින බවයි.
කිසිදු ආදායමක් නොමැති වුවහොත් එය ගැටලූවක් නිසා මාසික ගාස්තුවෙන් අඩක් හෝ අයකිරීමට තමන්ට සිදුවන බව ද ඔහු කීවේය.

COMMENTS
පිස්සුද එහෙම ගෙවන්න? මම නම් පාසල් පටන් ගත්තම හයර් එක වෙන එහෙකට මාරු කරනවා සල්ලි ඉල්ලුවොත්..... දැනට නම් එහෙම සල්ලි ඉල්ලලා නැහැ.
අපි තව සතයක්වත් ගෙවන්නේ නෑ. අපි වෑන් එක මාරු කරනවා.
5000ත් ගත්තා.. ලීසිං සහනය මාස 6කටත් ගත්තා... අපිටත් ගම්පැනිවලින් මාස භාගයක පඩිය දුන්නේ ඩීසල් කදුලක් ගියේ නැහැ. සංගමෙ සල්ලි තියෙන්නේ බැරි අයට අඩුකරන්න... අපි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙයට විරුද්ධ වෙන්න.
අපිටත්, අතිකාල, වෙනත් දීමනා නැතුව බෙසික් එකෙනුත් භාගයක් පමණයි ලැබෙන්නේ. ළමයින්ට කන්න දෙන්නත් මදි. මෙය ඉතාමත් අසාධාරණ ඉල්ලීම ක්....
එතකොට සැලූන් අයිති කාරයොත් කියයි අපි තමයි මෙ ගොල්ලන්ගේ කොණ්ඩෙ රවුල කපන්නේ... අපිටත් මාසෙ භාගයක් දෙන්න කියලා .... ඒක නිසා ගොන් කතාවලට ඇහුම්කන් දෙන්නෙකු නොවී ඔය මිනිස්සුන්ව යවලා දාන්න.
ඔය කට්ටියට ආදායම් නෑ කියලා 5000 දුන්න නේද? තෙල් ගහන්න වියදමකුත් නැතිව, දුන්නෙත් නැතිව සල්ලි ගන්නෙ ඇයි? හැමෝම අමාරුවෙන් ඉන්නෙ.
අපිට ඔනෙ රජයද? ඇමැතිවරුන්ද?
දෙනවා මගුලක් හරි වැඩක්නේ ඒක...
තමුන් ලබා ගන්නේ නැති සේවාවකට මොකද මුදල් ලබාදෙන්නේ? මාසෙට එක දවසක්වත් ළමයි වාහනේ ගිහිං නැත්තං මොකද සල්ලි දෙන්නේ? පාසල් ළමුන්ගේ දෙමාපියන්ද එතකොට වෑන් රථ රියදුරන්ට කන්න අදින්න දෙන්න ඕනි. හිගා කෑවනං ඔයිට හොදයි. ලජ්ජා නැති ජාතියක්. කොන්ද පන තියෙනවා නං ආණ්ඩුවෙන් මේක නවත්තන්න ඕනි.
මේක අති මානුෂික ඉල්ලීමක් , මේ කතා කරන මිනිස්සු ඔනතරම් ලබා නොගන්නා සේවාවන් වෙනුවෙන් සුළුවෙන් හෝ ගෙවනවා... මේත් මිනිස්සු නේද? තමුන්ගෙ ළමය බොහොවිට පාසල් සර්කල් එකේ නොවන නිසා නේද මේ වෑන් අවශ්‍ය? එතන බොරුවක් නැද්ද? තමුන්ගෙ ළමය ප්‍රවේශම් ඇතිව නිවසට ගෙන එනවා නේද? මෙ ප්‍රශ්නය සමග මේ මිනිස්සු නැත්තටම නැති වුනොත් තමුන් ළමය යවන්නෙ කෙහොමද? කොහොම හරි ගැටගහගෙන දුවන මිනිස්සු ගැන මට නම් දැනෙන්නේ හරිම අනුකම්පාවක්... කටින් බෞද්ධයො තමන්ගෙ ළමුනට දෙන ආදර්ශය කුමක්ද?
පාසල් වෑන් රථ හිමියන් හා රියදුරන් පමණද අමාරුවේ වැටි ඉන්නේ? රැකියා කරන දෙමව්පියන්ටත් අමාරුයි. සියලු දෙමව්පියන් එකතුව මේ අසාදාරන ඉල්ලීම ප්‍රතික්ෂේප කල යුතුයි.
සල්ලිම පස්සේ දුවන අපතයෝ තමයි...
බොහෝ දෙමාපියන්ට තම රැකියාවන් කරගත නොහැකිවීම නිසා ඔවුන්ටත් අදායමක් තිබුනේ නැ . සමහරකට පඩි බාගයක්වත් ලැබුනේ නැ. රජයෙන් මේක තහනම් කල යුතුයි. නැතිනම් ප්‍රවාහන ඇමතියෙක් අවශ්‍ය නැ
ඉතාම අසාධාරණ තීරණයක්. පාසල් වහල තියෙන්නේ රජයේ තීරණයක් නිසා. ඒකට දෙමව්පියන්ට කරන්න දෙයක් නැහැ. අනිත් එක අර ආණ්ඩුව දෙන්නේ රුපියල් 5000ක්. ඒක ගන්න පුළුවන් පාසල් වෑන් රථ වලට. ආණ්ඩුවක් තියෙන්නේ මේවගේ වෙලාවට මැදිහත් වෙන්න.
එක ඩීසල් බින්දුවක් වැය නොවී ගෙදර තියෙන වාහනයකට අපි ගෙවන්නේ කුමන හේතුවකටද? ළමයි ගෙවල්වල අධ්‍යාපනයක් නැතිව දෙමාපියන් මාස ගාණකින් හරි මුදලක් නැතුව ගැටගහ ගන්න මොහොතක ගාස්තුවෙන් අඩක් මාස දෙකකට ගෙවනවා තියා කන්නවත් මුදල් නැතුව ඉන්න බව නොතේරෙන ආණ්ඩුවක්...
මේක වැරදි..අසාධාරණයි.. දෙමාපියන් අමාරුවෙන් ජීවත් වන්නෙ.. පහසුව ගැන හිතලා ලමයි ස්කුල් බස්වලට දැම්මට.. ලමයි ලෙඩ්ඩු වෙන්නත්.. ලමයි ශරීර හොරු වෙන්නත්.. මාර්ග තදබදය වැඩි වෙන්නත් මේ පාසල් බස් හේතුවක්.. ඉස්සර ස්කූල් බස් මෙතරම් තිබුණේ නැත. මීටර් 100 දුවන්න බැරී තරම් ලෙඩ්ඩු උනෙත් නැ ලමයි..
අලුත් වාහනයකට ළමයව භාරදෙනවා...ජොබ් නැතිව ඉන්න හොද තරුණයෝ මේ රැකියාවට අවතීර්ණය වීමට බලා ගෙන ඉන්නවා.
කොතනින් හරි පටන් ගන්න ඕනෙනේ . මේ ගොල්ල අපි දිරි ගන්වන්න ඕනේ .
රජයක් ඉන්නේ මේවගේ දේවල් වලට මැදිහත් වෙන්න තමයි. රජය දෙමව්පියන්ගේ පිට මේ ප්‍රශ්ණය පටවලා අත පිහිදාගන්නේ නැතුව වහාම විසඳුමක් දෙන්න අවශ්‍යයි. මේ අයගේ ඉල්ලීමත් සාධාරණයි. අඩුම තරමේ මාසික ආදායමෙන් 50%ක් වත් රජයෙන් ලබාදිය යුතුයි. රුපියල් 5,000කින් යාන්තම් දවස් 5ක් ජීවත්වෙන්න පුළුවන්...
මේක හරි කෙලියක්නේ... මමත් කරන්නේ රෙදි කඩයක්.. මේ මාස 2ම වහලා තිබුණේ. ඒත් මගේ පාරිභෝගිකයන් ඇවිත් බාගයක් සල්ලි දුන්නේ නැහැ... කඩකුලිය ගෙවන්නයි, ගෙදරට වියදම් කරන්නයි. මම නම් වෙන වාහනයක යවනවා ඕන තරම් වාහන තියෙනවා හයර් එක ගන්න බලාගෙන...
ඇමතිවරු එහෙට වැනෙනවා, මෙහෙට වැනෙනවා. මේක විතරද දුම්රියේ ආසන වෙන් කරගෙන යන්න කියනවා. මෙයා කියනවා සීට් ගානට යන්න කියලා . මගීන්ට දුම්රියට ගොඩවෙන්න දෙන්නේ නැහැ ආසන වෙන් නොකළොත්. සාකච්ඡා තිය තියා පිස්සු කෙළිනවා. මිනිස්සු බැන බැන ගෙදර යනවා.
ලැජ්ජයි.. නිවාඩු දවස්වල ළමයි ට්‍රිප් අරන් යනවද? මේවට අධිකරණයට යන්න ඕනෑ.. සේවාව නොදී මුදල් අය කරන එක වැරදියි..
ඇමති දීලා තියෙන්නේ පුදුම තීරණයක්නේ. සතයක් දෙන්න බෑ. උසාවි යන්න ඕනෑ.