IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


පුත්තලමෙන් ගෙනා ගස්ලබු බාන්න ගිය 13ක් නිරෝධායනයට

අනීෂා මානගේ

තිස්සමහාරාම ප්‍රදේශයේ ජනතාවට බෙදාහැරීම සඳහා නොරොච්චෝලේ සිට ගෙනා බව කියන ගස්ලබු කිලෝ 5000ක තොගයක් සමඟ ලොරිය සීල් තබා ආපසු හරවා යැවූ බවත් තිස්සමහාරාම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර සිරි විජේමුණි මහතා පවසයි.

එම ගස්ලබු තොගය බෑමට සහය ලබාගත් බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් 13 දෙනකු නිරෝධායනය කිරීමට අද(7) පියවර ගත් බව ඒ මහතා කිය.

කොරෝනා වයිරසය පැතිරයාමේ අවධානමක් සහිත ප්‍රදේශයක් බවට හඳුනාගත් පුත්තලම දිස්ත්‍රීක්කයට අයත් නොරොච්චෝලේ සිට මෙම ගස්ලබු තොගය තිස්සමහාරාම ප්‍රදේශයේ ජනතාවට බෙදා හැරීමට ගෙනැවිත් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

එම ගස්ලබු තොගය තිස්සමහාරාම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගෙනැවිත් ඇති අතර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මේ සම්බන්ධයෙන් තිස්සමහාරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුම්වත් කිරීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව එම ස්ථානයට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම ගස්ලබු තොගය සම්බන්ධයෙන් විමසා ඇති අතර එම අවස්ථාවේදී ගස්ලබු තොගය ගෙනා පුද්ගලයන් පවසා ඇත්තේ මේවා සූරියවැව ප්‍රදේශයේ සිට ගෙනා බවයි.

කෙසේ වුවද මොවුන්ගේ පොලිස් ඇඳිරි නීති බලපත්‍රය පරීක්ෂා කිරීමේදී මොවුන් නොරොච්චෝලය ප්‍රදේශයේ සිට මෙම ගස්ලබු තොගය ගෙනා ඇති බවට අනාවරණය වී තිබිණ.

පොලිස් ඇඳිරි නීති බලපත්‍රය පමණක් උපයෝගී කරගෙන මොවුන් පැමිණ ඇති අතර සෞඛ්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශය ඔවුන් සතුව නොතිබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

මේ සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිස් ස්ථානය දැනුම්වත් කර එම ගස්ලබු තොගය යළි ලොරි රථයට පටවා සීල් තබා ලොරි රථයේ පැමිණි දෙදෙනා සමඟ ආපසු හරවා යැවීමට පියවර ගෙන තිබිණ.



අදහස් (5)

පුත්තලමෙන් ගෙනා ගස්ලබු බාන්න ගිය 13ක් නිරෝධායනයට

Asoka Tuesday, 07 April 2020 06:50 PM

මේක නම් හිතා මතාම කොවිඩ් පතුරවන්න කරන කඩාකප්පල් කාරී වැඩක්.

:       1       322

සමන්තWednesday, 08 April 2020 03:39 AM

ඒකනම් සහතික ඇත්ත. අහවල් ශ්‍රී ලාංකිකයින්ද දන්නේ නෑ නේද? ඒ ගැනත් සදහන් කලානම් හොදයි. ඒක ජාතිවාදය නෙමේ මිලියන 20කගේ ආරක්ෂාවට.. සුලුතරයක් නිසා බහුතරයක් අවධානමක් ගන්න අවශ්‍ය නෑ නේ..

:       21       10

රවින් Wednesday, 08 April 2020 01:27 AM

ඇයි මේ මිනිසුන් යථාර්තය පිළිනොගන්නේ ? මේ තමා දේශපාලුවෝ රටට කල විනාශය. ඉස්සර රාජ්‍ය සේවකයෙක් යමක් පැවසුවොත් එම වචන හැමෝම පිලිගන්නවා පිළිපදිනවා. ඒවගේම රාජ්‍ය සේවකයෝත් අවංකව තම රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කළා. පැරණි ලාංකීය සිරිතක් තිබුනා කිසියම්ම බෝවන රෝගයක් හැදුනොත් ඒ ගෙදර ඉස්සරහා කොහොඹ කොළ අත්තක් හෝ අඹ කොළ එල්ලන එක . මේ සංනිවේදන ක්‍රම වේදයන් අනුගමනය කලේ තම ආසාදනය අනිකුන්හට පැතිරිවිම වැලැක්වීමට. සහජීවනය. මෙච්චර ජන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරලත් නීතිරීති යොදලත් තම පටු අදහස් හා තාවකාලික වාසි උදෙසා මෙවැනි නොමනා ක්‍රියාවන් කරන අයවලුන්ට දිය යුතු දඬුවම ශිෂ්ඨ සමාජය විසින්ම තීරණය කලයුතු කාලය ඇවිදින්දෝ?

:       7       4

Dayan Wednesday, 08 April 2020 01:57 AM

පුත්තලමේ ගස්ලබු වලටත් කොරෝනද?

:       1       14

de silva Wednesday, 08 April 2020 05:47 AM

ආහාර භෝග ප්‍රවාහනයට බාදාවක් නැත කියලා කියනවා, දැන් සීල් තබනවා ,මේ නීති රෙගුලාසි තේරුම් ගැනීමට තරමක් අපහසුය, මේ ගස්ලබු මීගමුවේ හෝ කොළඹ විකුනන්නේ නැතුව තිස්සමහාරාමේට ගෙනාවේ කුමන කාරණයක් නිසාද.?

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site