(විනීතා එම් ගමගේ )
නිවාඩු දිනයක නාම යෝජනා බාර දීමෙන් එම නාමයෝජනාවල නීත්‍යනුකූලභාවයට කිසිදු බලපෑමක් නොවන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකළේය.
ඡන්ද විමසීම නිවාඩු දිනයක යෙදිය නොහැකි වුවත් මැතිවරණ දිනය ප්‍රකාශ කළ පසු එකී දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ හොත් එයින් ඡන්දයට බලපෑමක් නැතැයි පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 (2) (ආ)අනු වගන්තියේ සසඳහන් ව ඇතැයි ද ගම්මන්පිල මහතා කීය.
මැතිවරණ ප්‍රකාශයට පත්කර ඇත්තේ මාර්තු 2 වැනිදා වන අතර නිවාඩු දින ප්‍රකාශයට පත්කර ඇත්තේ ඉන් පසුව යැයි පෙන්වා දුන් ඔහු මාර්තු 16 සිට 19 දක්වා නිවාඩුවක් ප්‍රකාශයට පත්කිරීම මැතිවරණ නීතියට කිසිසේත්ම බල නොපාන්නේ යැයි ද කියා සිටියේය.
ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ අද (03) පැවතිිි මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මංගල සමරවීර මුදල් ඇමතිවරයා අප්‍රේල් 30 වනදායින් පසු ජනාධිපතිතුමන් මුදල් වියදම් කිරීම නීත්‍යනුකූල නැතිනිසා වහාම පාර්ලිමේන්තුව යලි කැදවිය යුතුයැයි සදහන් කරඇති බවත් එහි කිසිම නීත්‍යනුකූල පදනමක් නැති බවත් කියා සිටියේය.
මංගල සමරවීර මහතා පමණක් නොව නීතිය ගැන අවබෝධයක් ඇති සුමන්දිරන් ජනාධිපති නීතිඥවරයා පවා මේ ගැන කතා කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තිය මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනපතිවරයාගේ මුදල් බලය ගැන කතා කරන බවත් යම් කිසි වසරක විසර්ජන පනත්කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙරාතුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේතුව විසුරුවා ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සදහා මුදල් වෙන්කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත්වෙන තෙක් යම්කිසි සේවාවක් අවශ්‍යවෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ යැයි ඔහු පෙන්වා දුන්නේය .
සරලව කිවහොත් අප්‍රියෙල් 30 වෙනිදායින් පසුව මුදල් වෙන්කර නැත්නම් මුදල් වෙන්කරන්න ජජනාධිපතිවරයාට බලය ඇති බවත් එම බලය ලැබෙන්නේ මුදල් වෙන් නොකළ දින සිට මුදල් වෙන් කිරීමටබවත් හෙතෙම කියා සිටියේය.
අලුතින් ආණ්ඩුවක් ආවත් ඒ මුදල් ඇමතිවරයාට නිලධාරින් රැස්කර අයවැයක් හදාගන්නට අවස්තාව දිය යුතුබවත් ඒ නිසා අලුත් පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීමේ සිට මාස තුනක් යන තෙක්ම ජනාධිපතිතුමන්ට මුදල් වියදම් කරගෙන යන්න හැකියාව ඇති බවත් ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.
අලූත් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පැවැත්වෙන දිනය ලෙස මැයි 14ජනාධිපතිවරයා දැනට තීරණය කර ඇති මැයි 14 සිට මාස තුනක් යනු අගෝස්තු 14වනදා බවත් ඒ අනුව . එම කාල පරාසය පුරාවටම ජනාධිපතිතුමන්ට මුදල් වියදම් කිරීමේ හැකියාව ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මැයි 14 අලුත් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම දැන් තැබිය නොහැකි බැවින් යම් හෙයකින් ජූනි 22 මැතිවරණය තබා පළමු පාර්ලමේන්තුව ජූලි 1 වැනිදා පවත්වන්නේ යැයි සිතුවහොත් එදින සිට ජජනාධිපතිවරයාට මාසතුනක් දක්වා මුදල් වියදම් කිරීමේ බලය දී ඇතැයි ද හෙතෙම කියා සිටියේය .
විපක්ෂය ඇති ප්‍රශ්න නැති කරනවා වෙනුවට නැති ප්‍රශ්න ඇතිකිරීමේ කූඨ චේතනාවෙන් සිටින නිසා මේ මේවා තේරෙන්නේ වී නමුත් නොතේරෙනවා සේ සිටින බවද ගම්මන්පිල මහතා පැවැසීය
COMMENTS
අපෝ මේ මහත්තයාගේ නීතී තර්ක ගැන නම් ආයේ කියන්න එපා. එක සැරේකුත් හොදටම කුජීත උනානේ.
ඔයා කියනවනම් වෙන මොනවද? ගියපාර පාර්ලිමේන්තුව විසිරවපු එකත් හරි කිව්වනේ.
මැතිවරණය පවත්වන්නේ මැතිවරණ කොමිසම බව තේරුම් ගත් පසුව දැන් වෙනත් දිසාවකට මෙම කතා බහ ඇදී යනු බවක් පෙනේ. පීඩනය දිය යූත්තේ රජයට නොවේ. රජයට මැතිවරණ පැවත්වීමට හැකියාවක් නැත.
සමහර දෙනාගේ වැරදි නීති උපදෙස් අරන් පසුගිය කාලයේ පිහිටවූ නීති විරෝධී රජයක් ගැන අධිකරණයෙන් දුන් තීන්දුව ගැන එම උපදේශකයන්ටම අද අමතකවී ඇති බවක් පෙනේ.
අනේ මන්ද?
ඔය බහුභූත නොවේ මම සරල ප්‍රශ්නයක් අසන්නම්. විදේශ සේවා ආයතනයේ ලියාපදිංචි වුන දරුපවුල් මැද පෙරදිග ශ්‍රමිකයන් එහෙ අතරමන්වෙලා දුක් විඳිනකොට ඔවුන්ගෙන් කිසිම කෙනෙකු ලංකාවට ගෙවන්නේ නැතුව විදේශ අධ්‍යාපනයට ගිය සිසුන් ලොකු ලොක්කන්ගේ සහ සල්ලිකාරයන්ගේ ළමුන් පමණක් විශේෂ ගුවන් යානා යවලා ලංකාවට ගෙන්වන්නේ ඔවුන් දෙවන සහ තුන්වන පන්තියේ පුරවැසියන් නිසාද ? අඩුම තරමේ ලෝක වෙළඳපලේ තෙල් මිල බින්දුවටම වැටිලා තිබෙනකොට එම සහනයවත් අපට දෙන්නේ නැත්තේ මොකද ? ඇදිරි නිතිය නිසා පීඩා විදිමින් සිටින අපිත් බලන්ඉන්නේ චන්දයක් එනකම් හිතන්න එපා ගිය අවුරුද්දේ ජනපතිවරණයේදී ගෝඨාභය මහත්මයාට ලැබුන චන්ද ප්‍රතිශතය ඔබලා වැනි බොරුකාරයන් , කෝච්චියේ රත්‍රන් මාල කඩපු හොරුන්ට සහ එතනෝල් කාරයන්ගෙන් , පරණ ඔළුගෙඩි වලින් සපිරි පොහොට්ටුවට ලැබේවි කියලා. අපිත් බලාගෙන හිටියේ පොරොන්දු වුන පරිදි වියත්මගේ , උගත් බුද්ධිමත් අවංක සෙට් එකක පොහොටුවෙන් ඉල්ලාවී කියලා. බලමු මොකද වෙන්නේ කියලා?
ලෝකේ ඉන්න ලොකුම දැනුමක් තියෙන නීතිවේදියා.නොදන්නා දෙයක් නැහැ.හැබැයි තමන් අනුන්ගේ පක්ෂෙකට මුක්කු ගහපු ත්‍රීවීල් කටක් කියලා දන්නේ නැහැ. අනේ රටට ගිය කලක්.
මේ සුප්‍රීම් කෝට් එකේ ප්‍රකාශකයද.?
අනේ ගොම්මන්පිලෝ... ඔහේ හිතන්නේ ඔහෙ හිතන්නේ රටෙ මිනිස්සුත් ඔහෙ වගේ වැරදීමකින් මෙ ලෝකෙට බිහිවෙච්ච මොන්ගල්කාරයෝ කියලද?
මෙයා ප්‍රසිද්ධ පඩිපෙලේ කතාකරන ලෝයර් කෙනෙක් හැටියට. මෙයා දන්නා නීතියක් නැහැ.
කරුණාකර මෙතුමගේ අදහස් පුවත්පත්වල පලකරන්න එපා. එය පුවත්පතටත් අගෞරවයක්...
මුලින් ම නිවාඩු දිනයන් සහ ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කලේ නාම යෝජනා වලට බාධාවක් නොවන ලෙසින් නේද ?.. ප්‍රවෘත්ති වලින් ඒ දේ පැහැදිලිව ප්‍රකාශයට පත් කලා.
හොදම වැඩේ උසාවියේ උපදෙස් ගන්න එක.... මෙයාලා දේශපාලකයන්...
ඉතින් ඕක බය නැතුව අහන්නකො ගිහින් උසාවියෙන්. එහෙන් කියයි මොකක්ද හරි කියලා. මෙතන කෙකර ගාල වැඩක් නැනේ.
මේ ගොඩ පෙරකදොරුවාගෙන් උපදෙස් අරන් ගම්කබරයා වැඩ අනාගෙන. අන්තිමට මූ පනිනවා..මොලේ අමාරුකාරයෙක්. මට අහුවුනොත් දත්ටික ගලවනවා....
මේ අයගේ අදහස් පළකිරීමත් විහිළුවක්. මේ පිළුණු වෙච්ච ත්‍රීවිල් පක්ෂ නායකයෝ කියලා බෝඩ් එක ට පමණක් ඉන්න අය.
මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන්න හොඳ නැහැ.